Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Lanka Urumaya
ලංකා උරුමය - ලංකා උරුමය නම් ග්‍රන්ථය ලංකාද්වීපයේ අතීත කතාවන් ඉතාමත් රසැති බස යොදා ගනිමින් ඕනෑම අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි වන පරිදි ලියැවුණු අගනා කෘතියකි.
Rs 180.00
Rs 200.00
Asha Nirasha
Out-of-Stock
ආශා නිරාශා - ඉතා සරළ - නූතන සමාජයට බෙහෙවින් සමීපවන කෙටි කථා ශෛලියෙන් ලියන ලද කෙටි මාතෘකා විසි දෙකකින් සමන්විත කෙටි කතා මාලාවකි.ආශා-නිරශා ග්‍රන්තයෙහි රාග ද්වේශ මෝහ යන අකුසල් මූලික සිත් තුළ පැලපදියම්ව ඇති කෙළෙස් මල මගහරවා ගැනීම අපේක්ෂාවෙන් , බොදු දිවි පෙවෙතට අනුගතව ලියන ලද කථාවත්ථු අවසානයේ කිසියම් උපදේශයක් ආදර්ශයක් මතු කරනු ඇත.
Rs 128.00
Rs 160.00
Himalaye Vismitha Sudu Thausa
හිමාලයේ විස්මිත සුදු තවුසා - ආධ්‍යාත්මික ගවේෂක පෝල් බ‍්‍රන්ටන් මේ කෘතියෙන් විස්තර කරන්නේ ඉකුත් ශත වර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ දී පමණ තම අවසන් චාරිකාව වූ කෛලාස කූඨ වන්දනාවට තිබ්බත රජය අවසර නොදීම නිසා ඔහු හිමාලයේ උස් කදු මුදුනක පිහිටි පාළු කැලෑ බංගලාවකට වී බවුන් වැඞීමේ දී ලද අසාමාන්‍ය අත්දැකීම් හා පසුව එහි සිට ප‍්‍රතාප්නගර් දක්වා වග වලසුන් ගහණ මහ වනය හරහා තරු එළියෙන් අසු මෙහෙයවමින් හුදකලාව නුහුරු පටු මංපෙත් ඔස්සේ දල බෑවුම්, ගිරි දුර්ග පසු කරමින් සිදු කළ අතිබිහිසුණු ගමන හා ඉනික්බිතව ලද විස්මිත අත්දැකීම් ආදියයි.
Rs 765.00
Rs 850.00
Diwa Mal Diwa Salu
Out-of-Stock
දිව මල් දිව සළු - මෙම පොතට ඇතුළත් වන්නේ සිංහල බණ කථා ය. එසේ කියන්නේ දන්දීම්, සිල් රැකීම්, බණ ඇසීම්, භාවනා කිරීම් ආදී පින්කම්වල ආනිසංස වශයෙන් මිනිස් ලොව භවභෝග සම්පත් ද දෙව් ලොව දිව්‍ය සම්පත් ද සෝවාන් ආදී මාර්ගඵල ද වෙන වෙන ම අත්පත් කර ගත් සිංහල දරුවන්, කුලස්ත්‍රී පුරුෂයන්, උපාසක උපාසිකාවන්, භික්ෂුණීන් පිළිබඳ කථා ප්‍රවෘත්තින් මෙම කථාවල ඇතුළත් වන නිසා ය.
Rs 198.00
Rs 220.00
Yati Hithaka Hati
යටි හිතක හැටි - මෙම නවකතාවට පාදක කොට ගෙන ඇත්තේ ග්‍රාමීය පරිසරයක සැදී වැඩුණු තරුණයකු හා ධනවත් පවුලක තරුණියක වටා ගෙතුන කතාන්දරයකි. මෙම ග්‍රන්ථය ස්වාමීන් වහන්සේ 1966 - 1969 අතර කාලයේ මැගසින් බන්ධනාගාරයෙහි වැසිටින කාලයේ ලියන ලද්දකි.
Rs 270.00
Rs 300.00
Gum
Out-of-Stock
ගුම් - 2019 වර්ෂයේ ස්වර්ණ පුස්තක අවසන් පොත් පහ අතරට නිර්දේශිත නවකතාව මෙය වේ. බටුවන්ගල රාහුල හිමියන්ගේ තවත් සාර්ථක කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැක.
Rs 378.00
Rs 420.00
Rs 450.00
Rs 500.00
Elara Rajjuruvange Muwa Dadayama
Out-of-Stock
එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම - ලිඛිත ඉතිහාසයෙන් වසං වූ ජනකතාවලින් ඉස්මතුවන එළාර රජුන් හා ඔරුක්මාන්කුලම වැව සම්බන්ධ රැස් කරගත් ජනශ්‍රැති ඇසුරු කර ගනිමින් මහින්ද කුමාර දළුපොත විසින් රචිත නවකතාවකි එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම.
Rs 342.00
Rs 380.00
Mahamolakarayo
මහමොළකාරයෝ -පාසල් වියේ සුන්දරත්වය, දඟකාරකම්, දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙන අයුරු කියවෙන අසංක මෙන්ඩිස් මහතාගේ මහ මොළකාරයෝ නවකතාව කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසු පිරිසක් වටා ගෙතී ඇත.
Rs 450.00
Rs 500.00
Mahe Sakkiya
Out-of-Stock
මහේ සාක්කිය - දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේ දී රුහුණ මාගම බල සේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාර්යක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වු ඔහු දසමහ යෝධයන් කිහිප දෙනෙකුගේ ම ගුරුවරයෙකි. කල්යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. 'රසවාහිනිය' නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවදිව රහත් භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නොපැමිණි හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහි ද, මායාවෙහි වෙලී බැඳුනු සිද්ධි දාමයනක් 'මහේසාක්කිය' නව කථාවට ප්‍රස්තුත වීය.
Rs 630.00
Rs 700.00
Aghora Hewath Indiyanu Yathukarma
ආඝෝර හෙවත් ඉන්දියානු යාතුකර්ම - යතාර්ථයත් සමග ජීවත්වීම තරම් වටිනා කිසිවක් නැතැයි යන පරමාදර්ශය මත ජීවත් වූ භාරත ආඝෝරී විමලානන්දගේ ජීවිතය හා ඔහුගේ අතිබිහිසුණු යාතුකර්ම විධි ආශ‍්‍රයෙන් රචිත ''Aghora The Left hand of the God'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 360.00
Rs 400.00
Piramida Bhuthayin Egypthu Sannaseen Ha Manthrakaruwan Samaga
Out-of-Stock
පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසීන් හා මන්ත‍්‍රකරුවන් සමග - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පෝල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශතවර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ පමණ ඉපැරණි ඊජිප්තුවේත් පිරමීඩ තුළ හා මළවුන්ගේ නගරයේත් සංචාරය කොට සම්පාදනය කරන ලද විස්මිත කරුණු ඇතුළත් ''A search in Secrect Egypt'' කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 315.00
Rs 350.00
Rs 153.60
Rs 192.00
Abauddhakaranaya Parajaya Kirimata
අබෞද්ධකරණය පරාජය කිරීමට - ආගමික මතවාද පිළිබඳ සංවාදයකි. මෙම පොතින් ආමන්ත්‍රණය කරන්නේ අන්‍යාගම්කරණයට ගොදුරු වීමට ඉඩ ඇති ලාංකික බෞද්ධ සමාජයයි.
Rs 300.00
Rs 375.00
Brahmadharmaya Hevath Anushasana Sangrahaya
Out-of-Stock
බ‍්‍රාහ්මධර්මය හෙවත් අනුශාසනා සඞිග‍්‍රහය - මෙහි අධ්‍යයන සොළසකි. ශ්ලෝක සංඛ්‍යාව 144 කි. ඒ සියලූම ශ්ලෝකවලට පදගතාර්ථ දැක්වීමට අමතරව, සිංහල පද්‍ය නිර්මාණයකින් ද සමන්විත වේ.
Rs 225.00
Rs 250.00
Egypthu Abirahas -2
ඊජිප්තු අභිරහස් - 02 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පෝල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශතවර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ පමණ ඉපැරණි ඊජිප්තුවේත් පිරමීඩ තුළ හා මළවුන්ගේ නගරයේත් සංචාරය කොට සම්පාදනය කරන ලද විස්මිත කරුණු ඇතුළත් ''A search in Secrect Egypt'' කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයේ දෙවන හා අවසාන භාගයයි.
Rs 360.00
Rs 400.00
Rs 540.00
Rs 600.00
Pahan Sithuvili
Out-of-Stock
පහන් සිතුවිලි - මෙහි ඇතුලත් වන්නේ බුදුන් වහන්සේගේත් උන්වහන්සේගේ අතීත මෙන්ම වර්තමාන ශ්‍රාවක තෙරුන් වහන්සේලාගේත් ධර්ම පාඨයන් ය. මෙහි අරමුණ සිතෙහි ඇතිකරගතයුතු පාරිශුද්ධිය සඳහා වන අතර, විශේෂයෙන් සද්ධර්මයෙහි හැසිරෙන්නන් හට රුකුලක් වන අයුරින් සම්පාදනය කර ඇත.
Rs 420.00
Rs 525.00
Rs 360.00
Rs 400.00
Rs 315.00
Rs 350.00
Seth Kavi Wadula
Out-of-Stock
සෙත් කව් වදුල - සෙත් කව් තැණීම පිළිබඳ වැදගත් රහස් රැුසක් අඩංගු මෙම ග‍්‍රන්ථය සනිදර්ශනව කරුණු විස්තර කරන අගනා ග‍්‍රන්ථයකි. සෙත් කව් කරණයේ දී පිළිපැදිය යුතු නැකත් යෝග හා පංච පක්‍ෂය පිළිබඳ විස්තර අඩංගු මේ ග‍්‍රන්ථය සෙත් කව් තැණීම උගන්වන ගුරුවරයෙකු බදුය.
Rs 54.00
Rs 60.00
Maha Kalasena
මහා කාලසේන - මෙම ග්‍රන්ථය ඉතිහාස ග්‍රන්ථයක් නොවුනත් වල දමා ඇති අපේ සැබෑ ඉතිහාසය මතුකරමින් ලියූ ඓතිහාසික නවකතාවකි. මෙහි එන සියලු චරිත මහාවංශයට, සිංහල බෝධිවංශයට හා ප්‍රකාශිත ලේඛනයන්ට අනුකූල වේ.
Rs 540.00
Rs 600.00
Meththa Sankalpaya
Out-of-Stock
මෙත්තා සංකල්පය - ශබ්දාර්ථ විභාගය හා භාරතීය ඓතිහාසික පසුබිම, ප‍්‍රජානන හා චර්යා ආවේදන, ඥාන විභාගයීය, සාරධර්ම හා සමාජයීය යන පරිච්ඡේද 5ක් පුරා මෙත්තා සංකල්පය ගැඹුරින් විශ්ලේෂණය කර ඇති මෙම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය උසස් අධ්‍යාපනයෙහි නිරත විද්‍යාර්ථීන්ට ප‍්‍රයෝජනවත් මූලාශ‍්‍රයක් වනු ඇත.
Rs 765.00
Rs 850.00
Sri Lankawe Yachakaya
ශ්‍රී ලංකාවේ යාචකයා - මහාචාර්ය නන්දසේන රත්නපාලයන් විසින් හිඟන මිනිසුන් පිළිබඳ සිදු කරනු ලැබූ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙසින් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Rs 1,125.00
Rs 1,250.00
Oba Nosithana Pethi
Out-of-Stock
ඔබ නොසිතන පැති - ඔබ නොසිතන පැති නැමැති මෙම සංක්ෂිප්ත සාර සංග්‍රහය හැදෙන වැඩෙන දරු පරපුර මෙන්ම වැඩිහිටියන් ද කියවා සිතට ගෙන, පසන් සිතුවිලි වඩවා ගතහැකි පරිද්දෙන් රචිත අගනා කෘතියකි.
Rs 180.00
Rs 200.00
Rs 495.00
Rs 550.00
Kopaya Jayagnne Mahemai
කෝපය ජයගන්නේ මෙහෙමයි - සිතුවිල්ලක ඇති බලවත් බවම ජීවිතය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යම් සේද එය විස්තර කරනු වස් ඉරණම වෙනස් කිරීමේ කලාව නම් ග්‍රන්ථය ඔබ වෙත සමීප කොට ඇත.
Rs 990.00
Rs 1,100.00
Rasa Guna Piri Beli
රස ගුණ පිරි බෙලි - ජනප‍්‍රිය ඖෂධීය ශාක පිළිබදව ලියැවුණු පොත් පෙළක දෙවැන්නයි. ප‍්‍රකට හා ජනප‍්‍රිය පලතුරු ඔසු ගසක් වන බෙලිවල නාමකරණය, සම්භවය හා ව්‍යාප්තිය, රසායනික සංඝටක, ඖෂධීය වැදගත්කම හා භාවිතයන් මෙන්ම බෙලි ගස ආශ‍්‍රිත ආගමික හා දේව විශ්වාසයන් පිළිබද තොරතුරු රැසක් මේ පොතෙහි අඩංගු වෙයි. බෙලි ශාකයේ ඖෂධීය ගුණ පිළිබද නුතන විද්‍යාත්මක පර්යේෂණ වලින් ලැබී ඇති සාක්ෂි ගැන පුළුල් විස්තරයක් ද මෙම නව සංස්කරණයට ඇතුලත් කොට තිබේ.
Rs 198.00
Rs 220.00
Abhighgha
අභිඥා - අභිඥා නම් අධිමානසික හැකියාව උපදවා ගැනීමට අනුගමනය කළ යුතු බුද්ධ දේශිත උපාය මාර්ග හා එහි ක‍්‍රමික පියවර මෙමගින් විස්තර කරන අතර අභිඥාවන්ගේ ස්වභාවය, ක‍්‍රියාකාරීත්වය හා හිතාහිතකර ප‍්‍රවණතාවන්ද වැදගත් විචාරයකට ලක්කොට ත‍්‍රිපිටකාගත කරුණු සමගින් මනා විග‍්‍රහයක් සිදු කරයි.
Rs 240.00
Rs 300.00
Prabuddha
ප‍්‍රබුද්ධ - මහගමසේකරයන් මෙම කෘතියෙන් එක් අතකින් තමාගේ පුද්ගලික ජීවිත කථාව අනාවරණය කරන අතර තමා අගයකොට සලකන පුරුෂාර්ථ ද එය තුළින් උද්දීපනය කරයි.
Rs 963.00
Rs 1,070.00
Aparada Vidyawe Muladarma 2
Out-of-Stock
අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත.
Rs 990.00
Rs 1,100.00
Aparada Vidyawe Muladarma 1
අපරාධ විද්‍යාවේ මූලධර්ම 1 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත.
Rs 1,170.00
Rs 1,300.00