Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Ashcharyavath Dhammachakka Pavaththana Suthrayen Anagami Palaya Thek
ආශ්චර්‍යවත් ධම්මචක්ක පවත්තන සූත්‍රයෙන් අනාගාමි ඵලය තෙක් - කතෘගේ අත්දැකීමක් අනුව ලියවූවකි.
Rs 270.00
Rs 300.00
Thirasara Sanvardhanaye Bauddha Nyaya
තිරසර සංවර්ධනයේ බෞද්ධ න්‍යාය - මෙම පොතෙන් සිදු කරන්නේ සිඟාලෝවාද සූත්‍රයෙන් ඉදිරිපත් කරන එම කරුණ තවදුරටත් පැහැදිලි කිරීමයි.
Rs 225.00
Rs 250.00
Dhamma Pilibada Nirvachana Wimarshanaya
ධම්ම පිළිබද නිර්වචන විමර්ශනය - ඥානයේ විවිධ ස්ථර සම්පර්කනය කිරීම මෙම ග්‍රන්ථය තුළින් විදාරිතය. මනෝවිද්‍යාත්මක වූත්, සමාජවිද්‍යාත්මක වූත්, ආචාරවිද්‍යාව වූත්, අධ්‍යාත්මික වූත්, පාරභෞතික වූත්, ඥානවිභාගීය වූත් විෂය ක්ෂේත්‍ර කෙරෙහි ආලෝකරකරණය කිරීම මෙම ග්‍රන්ථය තුළින් පාරදෘශ්‍ය වන්නේ ය.
Rs 315.00
Rs 350.00
Sanna Sahitha Indriya Bavana Suthraya
Out-of-Stock
සන්න සහිත ඉන්ද්‍රිය භාවනා සුත්‍රය - බුදු සසුන්හි ප්‍රකාශ වන ඉන්ද්‍රිය භාවනා කෙබඳු දැයි සාකච්ඡාවට ලක් වේ.
Rs 40.50
Rs 45.00
Sathipattana Suthraya Eya Ada Bhavithayata Ganieema
සතිපට්ඨාන සූත්‍රය එය අද භාවිතයට ගැනීම - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව සඳහන් වේ.
Rs 90.00
Rs 100.00
Seehela Dipaya
Out-of-Stock
සීහෙළ ද්වීපය - පෞද්ගලිකත්වයෙන් බැහැරව රටට, දැයට, සසුනට සිදු වූ වංචාවක් වෙනුවෙන් අවංකවම නැඟී සිටින්නෝ බොහෝ විරල අවස්ථාවක හෙළ සසුනට සිදු වූ අසාධාරණයක් වෙනුවෙන් නැඟී සිටින ඒ විරල මිනිස් සමූහයාට දිරි දීමක් පිණිස මෙහි දෙවැනි පොත නිර්මාණය කර ඇත.
Rs 495.00
Rs 550.00
The Life of The Buddha - Part 1 & 2
The Life of The Buddha Part 1 & 2 - This little book, in two parts, very briefly covers almost all aspects of the Buddha from birth until His parinirvana (death). All important events are presented in simple language.
Rs 1,000.00
Rs 1,250.00
Sinhala Sambhavya Gadya Granthayanhi Nirupitha Buddha Sankalpaya
Out-of-Stock
සිංහල සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථයන්හි නිරූපිත බුද්ධ සංකල්පය - කිසිදු සැකයකින් තොරව, විවාදයකින් තොරව බුදුරජාණන් වහන්සේ මහා පෞරුෂයක්, මහා ගුණසාගරයක් ඇති උතුමෙකු ලෙස දක්වනු පිණිස අපේ ගද්‍ය ලේඛකයන් දැරූ ප්‍රයන්තය වෙසෙසින්ම පිළිබිඹුවන්නේ පොළොන්නරු හා දඹදෙණි යුගවල සිංහල සාහිත්‍යයෙනි. පෙළ පොත්, අටුවා මෙන් ම ධර්මප්‍රදීපිකාව, බුත්සරණ, අමාවතුර වැනි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ ද පදකකොට ගනිමින්, මිණිගමුවේ රතනපාල ස්ථවිරයන් වහන්සේ, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කරන "බුද්ධ සංකල්පයේ විකාසය සහ එය සිංහල සම්භාව්‍ය ගද්‍යයේ නිරූපණය වන ආකාරය" නැමැති මෙම කෘතිය මගින් සාහිත්‍ය තුළින් තුලනාත්මකව අධ්‍යනය කිරීමට අගය කළ යුතු උත්සහයක් දරා ඇත.
Rs 405.00
Rs 450.00
The Anagarika Dharmapala
Out-of-Stock
Bhikshu Sangharakshita and Dharmapala the Lion of Lanka might never have been born, and the greatness of the difference that such a calamity would have made to India, Buddhism, and the world, it is now impossible for us to gauge
Rs 360.00
Rs 400.00
Rs 450.00
Rs 500.00
Shakyamuni Apadanaya
Out-of-Stock
ශාක්‍යමුනි අපදානය - බ්‍රිතාන්‍ය ජාතික සීලාචාර නම් භික්ෂුවක විසින් විරචිත 'A Young People's Life Of The Buddha' නමැති කෘතියෙහි පරිවර්තනයකි.
Rs 270.00
Rs 300.00
Budun Dakeema
බුදුන් දැකීම - මහාචාර්‍ය රේරුකානේ චන්දවිමල නායක වස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද"සූවිසි මහ ගුණය" සහ ගණේගම සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද "බුදු හාමුදුරුවෝ" මෙන්ම ත්‍රිපිටකය යන ග්‍රන්ථය යනාදිය උපකාරයෙන් කරුණු එකතු කර ගනිමින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Rs 315.00
Rs 350.00
Siddhartha The Seeker
Out-of-Stock
Siddhartha The Seeker - The world is full of seekers : seekers of pleasure, of profit, of knowledge and of truth. This booklet is about a seeker of truth.
Rs 405.00
Rs 450.00
Gotama The Buddha His Life And Teaching
Gotama The Buddha His Life And Teaching -
Rs 189.00
Rs 210.00
Rs 180.00
Rs 200.00
The Historical Buddha
Out-of-Stock
The Historical Buddha - No man has had a greater inflience on the spiritual development of his people than Siddartha Gautama. Born in India in the sixth century BC into a nation hungry for spiritual experience, he developed a religious and moral teaching that, to this day, brings comfort and peace to all who practise it. This comprehensive biography examines the social, religious and political conditions that gave rise to Buddhism as we now know it.
Rs 3,330.00
Rs 3,700.00
Buddha His Life His Doctrine His Order
Out-of-Stock
Buddha His Life His Doctrine His Order - This book is a translation of a German work, Buddha, Sein Leben, Seine Lehre, Sein Gemeinde, by Professor Hermann Oldenberg, of Berlin, editor of the "Pali Texts of the Vinaya Pitakam and the Dipamsa".
Rs 2,475.00
Rs 2,750.00
Stories Of The Buddha-Selections From The Jataka
Out-of-Stock
Stories Of The Buddha-Selections From The Jataka - The collection of about 550 stories, entitled "Jataka" or "The jatakas" is included in the second of the threefold Pali (Buddhist) Canon, known as the Pitakas.
Rs 855.00
Rs 950.00
The Buddha In History And Tradition
Out-of-Stock
The Buddha In History And Tradition - This booklet is about the Buddha, the founder of Buddhism, one of the greatest religions of our time.
Rs 270.00
Rs 300.00
Lalithavistharaya
Out-of-Stock
ලලිත විස්තරය - ගෞතම බුද්ධ චරිතය ඓතිහාසික වශයෙන් විවරණය කිරීමට අවැසි ප්‍රධාන සාහිත්‍ය මූලාශ්‍රයක් ලෙස ලලිතවිස්තරය දැකිය හැකිය. සිද්ධාර්ථ කුමරුගේ උපතේ සිට තථාගතයන්ගේ ප්‍රථම ධර්ම දේශනය දක්වා මෙහි විස්තර කෙරේ. මහායාන සම්ප්‍රදායට අයත් ශ්‍රේෂ්ඨ කෘතියක් වශයෙන් මෙය හැඳින්වේ. එහෙත් ථෙරවාදී ඇතැම් අදහස් ද මෙහි දක්නට ලැබේ. දෙවැනි පරිවර්තනයේ සිට විසිඑක්වැනි පරිවර්තනය දක්වා එනම්, පරිවර්තන විස්සකින් ම පැහැදිලි කරන්නේ බෝධිසත්ත්ව චරිතයයි. සෙසු පරිවර්තන පහෙන් බුද්ධ චරිතය හා තථාගත ධර්මය පිළිබඳ විස්තර කෙරෙයි. විසිහත්වැන්නෙහි ලලිතවිස්තරය අගය කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල පිළිබඳ සඳහන් වේ.
බෝධිසත්ත්ව වාදය භාරතයේ සාකච්ඡාවට ලක් වූ කාල වකවානුවක ලාලිත්‍යමය චරිතයක් වශයෙන් බෝධිසත්ත්ව චරිතයත්, උත්කෘෂ්ට චරිතයත් වශයෙන් බුද්ධ චරිතයත් විවරණය කිරීමට දැරූ සාර්ථක සාහිත්‍යමය නිර්මාණයක් ලෙස ලලිතවිස්තරය හැඳින්විය හැකිය.
මෙම කෘතියේ කර්තෘ වන පූජ්‍ය ඒරුවැව ගුණ්සෝම හිමියන් රාජකීය පණ්ඩිත උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්ති ගෞරව ශාස්තවේදී උපාධිය හා ශාස්ත්‍රපති යෞපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇත. භාරතයේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව හිමි කරගත් උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනසූරී උපාධියත් හිමි කර ගත්හ.
මහායාන දර්ශනය හා බුද්ධචරිතය මෙන් ම සමකාලීන සංස්කෘතික පසුබිම පිළිබඳ විචාරාත්මක ව අන්වේෂණය කරන කාහටත් උපකාරී වන කෘතියක් වශයෙන් මෙය හැඳින්විය හැකි ය.

Rs 1,215.00
Rs 1,350.00
Sigiriya Ehi Sithuvam Raja Uyana Ha Anekuth Nagaranga
Out-of-Stock
සීගිරිය එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග - සීගිරිය මුලින්ම ජනාවාස කරන ලද්දේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසිනි. සීගිරි නගරය තුළ ඇති අලිගල නම් ලෙනෙන් මානව අස්ථි යනාදිය ලැබී තිබේ.
ක්‍රිස්තු පූර්ව 3 සියවසත්, ක්‍රිස්තු වර්ෂ 1 සියවසත් අතර කාලයට අයත් සීගිරියේ ඇති කටාරම් කොටවා සැකසූ ලෙන් බෞද්ධ භික්ෂූන්ගේ වාසය පිණිස වෙන් විය.
සීගිරියේ වැදගත්ම නෂ්ටාවශේෂ කාශ්‍යප රාජ්‍ය සමයට අයත් ය. සිය පියා වූ ධාතුසේන රජු මැර වූ හෙතම සිය සොයුරු මුගලන් කුමරුට බියව සීගිරියට පළා ආවේ ය. ආරක්ෂිත රැකවලින් අනූන සියලු නගරාංගයන්ගෙන් හෙබි අලංකාර නගරයක් සීගිරිය පර්වතාශ්‍රයේ තැනූ කාශ්‍යප රජු එහි සිට වසර 18ක් දිවයින පාලනය කළේ ය.
සීගිරිය නගරය ප්‍රධාන කොටස් පහකට බෙදිය හැකිය. මධ්‍යයෙහි ඇත්තේ ප්‍රධාන පර්වතය හා ඒ මත පිහිටි රජ මාලිගයයි. සුප්‍රකට සීගිරිය සිතුවම් සහ කැටපත් පවුර අයත් වන්නේ ද මේ කොටසටම ය. පර්වතය වටා බෑවුම් සහිත පෙදෙස ප්‍රකාරයකින් පිරිකෙව් කොට ඇති ඇතුල් නගරයයි. පර්වතයටත් ඇතුල් නගරයත් බටහිර දෙසින් ඇත්තේ රාජකීය විනෝද උද්‍යානයයි.
ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ, එනම් පර්වතයට නැගෙනහිර දෙස පිට නගරය ලෙස සැළකේ. මෙම සියලු නගරාංග මැදිවන පරිදි පිටතින්ම ඇත්තේ පවුරු සහ දිය අගල් ය. සීගිරිය වැව පිහිටියේ නගරයට වයඹ දෙසිනි.
සීගිරිය නගරය පිළිබඳ ප්‍රමාණික දැනුමක් ලබාදීම මෙම ග්‍රන්ථයේ මුඛ්‍ය අරමුණයි.

Rs 1,575.00
Rs 1,750.00
Perahara Wanshaya
Out-of-Stock
පෙරහැර වංශය - ඓතිහාසික සෙංකඩගල පුරවරයේ දළදා තේවාව ඇසෙන මානයේ ළදරු අවධියේ සිට ම හැදී වැඩුණු මාගේ මතකය අදටත් දිව යන්නේ එදා දොළොස් වීදියේ කොතැනක හෝ මා පියා සමග අලි-ඇතුන්ගේ කුයිලයත්, කොප්පරා සුවඳත් විඳිමින් දළදා පෙරහර සිරි නැරඹූ ආකාරයයි. එදා මෙන් ම අදත් සෙංකඩගල සොළොස් වීදියේ පෙරහර නරඹන නොයෙක් අවස්ථාවල පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව පෙරහර සම්බන්ධයෙන් දක්වන අදහස් අසන්නට ලැබී ඇත. එවැනි අදහස් සවනට යොමුවන විට හැඟී යන්නේ පෙරහර පිළිබඳව ජනතාව තුළ පුළුල් අවබෝධයක් දැනුමක් නොමැති බවයි. එසේ ම සමාජයේ කුමන ආකාරයකින් හෝ සමාජගත වී ඇති අසත්‍යක් සත්‍ය තරමටම මුල් බැස ඇති ආකාරය යි. ඒ අනුව මුල් කාලීනව සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහර හා ඒ ආශ්‍රිත සම්ප්‍රදායන් අධ්‍යනය කිරීමට යොමු විය. ඉන්පසු ශ්‍රී ලංකාවේ සිව්දෙස පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අනෙකුත් පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අවධානය යොමු කරමින් මෙම පර්‍යේෂණය සිදු කරන්නට වූයෙමු. ඒ අනුව කන්ද උඩරට සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහරත්, සබරගමු මහ සමන් දෙවොලත් රුහුණු මහා කතරගම දේවාලයටත්, එතැනින් සිරිලක සිව්දෙස පවත්නා වූ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත්, තොරතුරු ඇතුළත් කරමින් කරන ලද මෙම කෘතිය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ උරුමය සොයා යන සැමට ඉමහත් පිටිවහලක් වනු ඇතැයි සිතමි. තවද නූතන පරම්පරාවේ බොහෝ දෙනෙකු හරි ආකාරව නොදන්නා අපේ පෙරහර සංස්කෘතිය තත් ආකාරයෙන්ම අනාගත පරපුර වෙත දායාද කිරීමට මෙම කෘතිය තුළින් හැකිවනු ඇතැයි ද අපේක්ෂා කරමි.
Rs 3,150.00
Rs 3,500.00
Asirimath Haththikuchchi Wiharaya
අසිරිමත් හත්ථිකුච්චි විහාරය - හත්ථිකුච්චි යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ ඇත් හෙවත් හත්ථි යන්නත් කුස හෙවත් කුච්චි යන්නත් සන්ධි වීමෙන් විය යුතු ය. මෙය යම් තාක් දුරකට සනාථ කෙරෙන ලෙනක් සහිත ගල් කුලක් මෙම භූමියෙහි දකින්නට ලැබෙයි. ඒ අනුව පැරණි මූලාශ්‍රයන්හි ඇත් කුස් වෙහෙර යන්නෙන් දැක්වෙන්නේ මෙම විහාරය විය යුතු ය. මෙම ස්ථානයෙන් ලැබෙන පැරණි සෙල්ලිපිවල ද ස්ථානය ද හඳුන්වා ඇත්තේ හත්ථිකුච්චි යන අර්ථවත් ඇති කුච වෙහෙර යනුවෙනි.
මෙම ස්ථානය මහත් ජන ආකර්ෂණයක් දිනා ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය මෙය බවට ඇති ජන විශ්වාසය හා ඇතැම් විද්වතුන් දරණ මතයයි.
මෙම විහාරස්ථානය මුලින්ම භික්ෂු වාසය පිණිස පිළියෙල වූයේ ක්‍රිස්තු පූර්ව තෙවන සියවසත්, ක්‍රිස්තු වර්ෂ පළමු සියවසත් අතර බව මේ ස්ථානයෙන් ලැබෙන පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි සහිත ගල් ලෙන් වලින් සනාථ වෙයි. මෙම ලෙන් ලිපිවලට අතිරේකව ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ නවය සියවස දක්වා කාලයට අයත් ගිරි ලිපි 56ක් මේ ස්ථානයේ වෙයි.
ප්‍රතිමා ගෘහයක්, වටදා ගෙයක්, උපෝෂථඝරයක්, බෝධිඝරයක් හා ජන්ථාඝරයක් මෙම ස්ථානයේ ඇති විශේෂිත ගොඩනැගිලි අතර වෙයි.
මෙම ග්‍රන්ථයෙහි මුඛ්‍ය අරමුණ වන්නේ මෙම ස්ථානයට යන නොයන ඔබව ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමයි.

Rs 531.00
Rs 590.00
Navathimama ya Gamana
නැවතීමම ය ගමන - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයේ හරය චතුරාර්‍ය සත්‍යයයි. උන් වහන්සේ පුරා පන්සාලිස් වසක් තිස්සේ ගම් දනව් සිසාරා වැඩම කරමින් ප්‍රාතිහාර්‍ය සහිතව, විවිධ පර්‍යායන්ගෙන් දේශනා කොට වදාළේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයයි.
පසුව ලේඛනගත වූ මේ උතුම් ධර්මයට මේ වන විට සිය දහස් ගණන් පරිවාර ග්‍රන්ථ ලියැවී ඇත. ඒ නිසා ම මේ ධර්මය සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කරුණක් බවට පත් ව ඇත. අද දවස මේ ධර්මය අවබෝධ කරගනු කැමති පින්වතා පූර්වනිගමනවලින් තොරව, කිසිදු දෘෂ්ටියකට හසු නොවී, තමන්ගේ පෞද්ගලික විශ්වාසන්ට සහ පිළිගැනීම්වලට ගැති නොවී, පුද්ගලාබද්ධ පැහැදීම්වලට යට නොවී, අපක්ෂපාතීව මේ ධර්මය දෙස බැලිය යුතු ය.
මේ ධර්ම දේශනා එකතුව වනාහි එසේ වඩාත් නිදහස් ව, නිවහල්ව, ස්වාධීනව ඒ උතුම් ආර්‍ය සත්‍ය ධර්මය දෙස බැලීමටත් අවබෝධ කර ගැනීමටත් ඔබට මඟ සලසනු ඇත.

Rs 540.00
Rs 600.00
Kirinda Puraviddayathmaka Saha Samaja Widdayathmaka Wivaranayaki
කිරින්ද පුරාවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක විවරණයකි - කිරින්ද ඔබ අතට පත්වනුයේ නවතම කරුණු ගණනාවක් සමඟින් ය. කිරින්ද ගැන අප දැන සිටියේ විහාර මහා දේවිය ගොඩ බැස්ස තැන හැටියට ය. නමුත්, ඊට වඩා විෂය පරාසයක් වෙත මෙහි කතුවරයා අපව ගෙන එයි.
කිරින්දේ ප්‍රාග් ඓතිහාසික ගල්ලෙන් ගැනත් සෙල්ලිපි තුනක්ම කිරින්දේ ඇති බවත් මුල්මවරට අපට දැන ගැනීමට ලැබෙනුයේ කිරින්ද කෘතියෙනි. මෙවැනි අනගි කරුණු ගණනවකින් සමන්විත කිරින්ද දක්ෂිණ ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර වන්දනා චාරිකාවේ යන ඔබ අතේ තිබිය යුතු කෘතියකි.

Rs 441.00
Rs 490.00
Parani Lakdiva Kanthava
Out-of-Stock
පැරණි ලක්දිව කාන්තාව - ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන මේ දක්වා සැකසුණු ග්‍රන්ථවල දිවයිනේ දේශපාලන, ආර්ථික හා සමාජ උච්චාවචන පිළිබඳ සඳහන් වෙතත් කාන්තාවගෙන් විසූ එහි දී සිදූ වූ කාර්‍යභාරය ගැන දක්වා ඇත්තේ අවම වශයෙනි. මේ තත්ත්වය වටහාගත් මහාචාර්‍ය ඉන්දාණි මුණසිංහ විසින් අතීත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ඉටු වූ සමාජ මෙහෙවර සම්බන්ධව කරන ලද පර්‍යේෂණයක ප්‍රතිඵල ලෙස ප්‍රකාෂයට පත් වූ, රාජ්‍ය සම්මාන ලද, "පැරණි ලක්දිව කාන්තාව" නම් කෘතිය මගින් පුරාණ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව දක්නට ලැබුණු එම අවකාශය සම්පූර්ණ වේ. පුරාණ ශිලාලේඛන හා ග්‍රන්ථ ඇසුරු කරමින් රචිත මේ ග්‍රන්ථයෙන් පැරණි ලක්දිව විසූ කතුන්ගේ ආගමික ජීවිතය, වෘත්තීය ජීවිතය හා ගෘහස්ථ ජීවිතය ද සම්බන්ධව මෙතෙක් ආවරණය වී තිබුණු තොරතුරු රාශියක් එළිදැක්වේ. මේ ග්‍රන්ථයෙන් කියැවෙන පැරණි ලක්දිව කතුන්ගේ රුව, ගුණ හා සවිය ගැන අසන පාඨක ජනයා තුළ මහත් අභිමානයක් ජනිත වෙයි. එසේ නැගෙන අභිමානය ඔවුන්ගේ පෞර්ෂය ශක්තිමත් කිරීමෙහි ලා නිසැකයෙන් ම හේතු වේ.
Rs 1,125.00
Rs 1,250.00
Aranya Kavya Sagarava
ආරණ්‍ය කාව්‍ය සංග්‍රහය - මෙම කාව්‍ය සංග්‍රහය පඤ්ඤානන්ද හිමියන්ගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වුවද භාෂා භාවිතය රූපක උපමා ව්‍යංගාර්ථවත් භාෂා භාවිතය කාව්‍ය ආකෘති භාවිතය වැනි දෑ කවිය තුළට ගෙන ඒමෙන් උන්වහන්සේගේ කවීත්වය කාව්‍ය සංග්‍රහය පුරා කැපී පෙනෙයි. සතතාභ්‍යාස තුළින් තම කවිත්වය ඔප්නංවා ගැනීමට මෙන්ම ගී පද රචකයෙකු ලෙසත් උන්වහන්සේ තම නිර්මාණකරණයෙහි නිම් වළලු පුළුල් කර ගනිමින් සිටින බව පැහැදිලි ය.
ආරණ්‍ය පද්‍ය නිර්මාණ එකතුව තේමා රැසක් පිළිබඳව කවියා සිය කවිත්වය පළ කරවන්නකි. පඤ්ඤානන්ද හිමියන්ගේ කාව්‍ය නිර්මාණ වල කැපී පෙනෙන ලක්ෂණය නම් සමාජය අවවරප්‍රසාදිත පිරිස් වෙනුවෙන් උන්වහන්සේ සිය පෑන මෙහෙයවා තිබීමය. එහිදී සෙසු කවීන් නොදකින සියුම් සිද්ධි හා අවස්ථා කවියාගේ ඇසට ලක් වී තිබේ.

Sansara Mandira -II obe Karmaya Suvapath Kirima
Out-of-Stock
සංසාර මන්දිර - 2 ඔබේ කර්මය සුවපත් කිරීම - ජිනා සෙර්මිනාරා මහත්මියගේ Many Mansions Part 2 කෘතියේ සිංහල පරිවර්තනය "දිවි මතින්" එහි පළමු කොටස වේ. සංසාර මන්දිර නමින් Many Mansions Part 1 කෘතිය සිංහලට පරිවර්තනය කළෝ අපවත් වී වදාළ පූජ්‍ය කන්නිමහර සුමංගල පඬි හිමිපාණෝ යි. Many Mansions Part 2 සහ World Within කෘතියේ සෑහෙන කොටසක් ද එතුමන් විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. Many Mansions Part 2 සහ World Within කෘති දෙක අතර සමානතා ඉතා බොහෝ ය.
Rs 900.00
Rs 1,000.00
Sasara Gamana
Out-of-Stock
සසර ගමන - "සසර ගමන" යන මැයෙන් ගෞරවණීය පල්ලෙවෙල දේවරක්ඛිත හිමිපාණන් වහන්සේ විසින් රචිත අගනා ධර්ම පුස්තකය බණ දහම් ගැඹුරින් උගත් නූගත් හැම දෙනාටම කියවා ධර්ම රසය විඳගත හැකි අගනා නිර්මාණයකි. ආරම්භයේදී ම මනෝවිද්‍යාඥයින්ගේ විග්‍රහයන් ද උපයෝගී කර ගනිමින් මිනිස් බිළිඳෙකුගේ මව් කුස පිළිසිඳ ගැනීමේ සිට දිගු කලක් ජීවත් වී මරණාවස්ථාව දක්වා මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කර ඇති ධරමානුලකූල විග්‍රහය බෙහෙවින් අගනේ ය.
මරණානුස්මෘති භාවනාව වඩන බොහෝ දෙනෙකුට බිය උපදවන අවස්ථාවක් ලෙස සැලකෙතත් මෙම ග්‍රන්ථයෙහි සරලව දක්වා ඇති විස්තර විවරණ භාවනාවේ යෙදෙන්නට හා සාමාන්‍ය ජනතාවට ද මනා අවබෝධයක් හා මානසික සුවයක් ලබා දෙයි. කර්මය හා පුනර්භවය පිළිබඳ දැක්වෙන විවරණ බෙහෙවින් අගනේ ය.
අවසාන පරිච්ඡේදය ලෙස දැක්වෙන නිවීම පිළිබඳ විස්තර භාවනා වැඩීම සම්බන්ධයෙන් පවත්නා දුර්මත බැහැර ලා අති අයුරු සිත් ගන්නා සුළු ය.
උප ග්‍රන්ථයෙහි සංග්‍රහ කොට තිබෙන කරුණු ද බුදු දහමෙහි සැනසුම කරා ගමන් කරවන මං පෙත් විවරණය කරයි.

Asirimath Sithulpauva
අසිරිමත් සිතුල්පව්ව - සිතුල්පව්ව විහාරය අයත් වූයේ පුරාණ රුහුණේ කතරගම ක්ෂත්‍රීය රජ පරම්පරාවේ පාලනය යටතේ පැවති වපසරිය තුලය.
මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා පමණක් නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේ ය. දෙතිස්ඵල රැහ බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේය ද සිතුල්පව්වයි.
මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රුහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ දී රජ පැමිණි වලගම්බා සමයේ දී මෙහි භික්ෂූන් වහන්සේලා 12 000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ්‍රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යෝධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථනයේ දක්නට ලැබෙයි. සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස, ඉලනාග, ගජබා මෙම ස්ථානයට අනුග්‍රහය දැක්වූ රජුන් අතර වූ බවට සාධක සෙල් ලිපිවලින් අනාවරණය වෙයි. අනුරාධපුර අවධියෙන් පසුව මෙම ස්ථානයට කවර ඉරණමක් අත්වීද යන්න පිළිබඳ සාධක කිසි තැනෙක දක්නට නොලැබෙයි.
මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කෙරෙනුයේ එහි යන නොයන ඔබ හට අත්වැලක් සලසනු පිණිස ය.

Rs 621.00
Rs 690.00
Asirimath Polonnnaruva
අසිරිමත් පොළොන්නරුව - පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත්‍ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේ ය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේ දී රාජ්‍යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත් වෙයි. අභ්‍යන්තර අරගල වලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරෙ දී දිවයිනේ පාලකයා බවට පත් විය. පොලොන්නරුව විහාරාරාම හා නගරාංගයන්ගෙන් සම්පූර්ණ කළ ඔහු පරාක්‍රම සමුද්‍රය නම් සුප්‍රකට ජලාශය ද පොලොන්නරුවේ ඉදිකළේය. මින් පසු පොලොන්නරුවේ රජ පද පත් ප්‍රබල රජෙකු ලෙස ඉස්මතු වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල පමණකි.
පොලොන්නරුව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවැනි වනුයේ අනුරාධපුරයට පමණි. එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
පොලොන්නරුව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවැනි වනුයේ අනුරාධපුරයට පමණි. එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Rs 441.00
Rs 490.00
Nuthana Thissamaharamaya
නූතන තිස්සමහාරාමය - සුමිත් රණසිංහයන් සමාජ පුරාවිද්‍යාව ජනතාව වෙත ගෙන යන විද්වතෙකි. හෙතම වෘත්තියෙන් පුරාවිද්‍යාඥයෙකි. මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිටින පිරිස් කළමනාකරුවෙකි, සහකාර අධ්‍යක්ෂවරයෙකි. කෘති රචනා කිරීමට සුදුසුකම් ලද්දෙකි. හෙළ, සකු හා පාලි ආදී භාෂාවන් පිළිබඳ විද්වතෙකි. ඉලක්ක හා අරමුණු ජය ගැනීමට සිය කාර්‍ය මණ්ඩලය මෙහෙය වන පාලකයෙකි.
සිය රාජකාරි ජීවිතයට අමතරව තම විෂය දහරාව අනාගත පරපුරට දායාද කිරීමට කැප වෙන්නෙකි.
සමාජ පුරාවිද්‍යාව පිළිබඳව පරිඥානයක් සතු ඒ මහතා තිස්සමහාරාම ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස නිරත වූ වකවානුවෙහි තිස්සමහාරාමය මෑත ඉතිහාසය ගැන ගවේෂණය කර නිර්මිත නවතම කෘතිය "නූතන තිස්සමහාරාමය" යි.
මීට පෙරත් කතරගම් පුවත, කන්දබඩ පත්තුව, සොළොස්මස්ථාන,සඳගිරිය ආදි වශයෙන් ප්‍රකාශ කර ඇති ගමවේෂණාත්මක කෘතිවල කතුවරයා ය. ගීත රචකයෙකි. පුවත්පත් ලේඛකයෙකි.
තිස්සමහාරාමය නූතන ඉතිහාසය පිළිබඳව අප නොදන්නා ඉසව් වෙත පරිච්ඡේද ගණනාවක් මගින් කරුණු ගොනුකර රචිත මේ ග්‍රන්ථය පාඨක රුචිය දනවන අගනා ශාස්ත්‍රීය කෘතියකි. සරසවි විද්‍යාර්ථින්ට ද අගනා මූලාශ්‍රයකි.

Rs 1,080.00
Rs 1,200.00