Buddhism

Thirasara Sanvardhanaye Bauddha Nyaya

තිරසර සංවර්ධනයේ බෞද්ධ න්‍යාය - මෙම පොතෙන් සිදු කරන්නේ සිඟාලෝවාද සූත්‍රයෙන් ඉදිරිපත් කරන එම කරුණ තවදුරටත් පැහැදිලි කිරීමයි.
Rs 250.00

Dhamma Pilibada Nirvachana Wimarshanaya

ධම්ම පිළිබද නිර්වචන විමර්ශනය - ඥානයේ විවිධ ස්ථර සම්පර්කනය කිරීම මෙම ග්‍රන්ථය තුළින් විදාරිතය. මනෝවිද්‍යාත්මක වූත්, සමාජවිද්‍යාත්මක වූත්, ආචාරවිද්‍යාව වූත්, අධ්‍යාත්මික වූත්, පාරභෞතික වූත්, ඥානවිභාගීය වූත් විෂය ක්ෂේත්‍ර කෙරෙහි ආලෝකරකරණය කිරීම මෙම ග්‍රන්ථය තුළින් පාරදෘශ්‍ය වන්නේ ය.
Rs 350.00
Out-of-Stock

Sanna Sahitha Indriya Bavana Suthraya

Out-of-Stock
සන්න සහිත ඉන්ද්‍රිය භාවනා සුත්‍රය - බුදු සසුන්හි ප්‍රකාශ වන ඉන්ද්‍රිය භාවනා කෙබඳු දැයි සාකච්ඡාවට ලක් වේ.

Sathipattana Suthraya Eya Ada Bhavithayata Ganieema

සතිපට්ඨාන සූත්‍රය එය අද භාවිතයට ගැනීම - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව සඳහන් වේ.
Rs 100.00
Out-of-Stock

Seehela Dipaya

Out-of-Stock
සීහෙළ ද්වීපය - පෞද්ගලිකත්වයෙන් බැහැරව රටට, දැයට, සසුනට සිදු වූ වංචාවක් වෙනුවෙන් අවංකවම නැඟී සිටින්නෝ බොහෝ විරල අවස්ථාවක හෙළ සසුනට සිදු වූ අසාධාරණයක් වෙනුවෙන් නැඟී සිටින ඒ විරල මිනිස් සමූහයාට දිරි දීමක් පිණිස මෙහි දෙවැනි පොත නිර්මාණය කර ඇත.
Out-of-Stock

Sinhala Sambhavya Gadya Granthayanhi Nirupitha Buddha Sankalpaya

Out-of-Stock
සිංහල සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථයන්හි නිරූපිත බුද්ධ සංකල්පය - කිසිදු සැකයකින් තොරව, විවාදයකින් තොරව බුදුරජාණන් වහන්සේ මහා පෞරුෂයක්, මහා ගුණසාගරයක් ඇති උතුමෙකු ලෙස දක්වනු පිණිස අපේ ගද්‍ය ලේඛකයන් දැරූ ප්‍රයන්තය වෙසෙසින්ම පිළිබිඹුවන්නේ පොළොන්නරු හා දඹදෙණි යුගවල සිංහල සාහිත්‍යයෙනි. පෙළ පොත්, අටුවා මෙන් ම ධර්මප්‍රදීපිකාව, බුත්සරණ, අමාවතුර වැනි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ ද පදකකොට ගනිමින්, මිණිගමුවේ රතනපාල ස්ථවිරයන් වහන්සේ, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කරන "බුද්ධ සංකල්පයේ විකාසය සහ එය සිංහල සම්භාව්‍ය ගද්‍යයේ නිරූපණය වන ආකාරය" නැමැති මෙම කෘතිය මගින් සාහිත්‍ය තුළින් තුලනාත්මකව අධ්‍යනය කිරීමට අගය කළ යුතු උත්සහයක් දරා ඇත. 
Out-of-Stock

Wandim Siduhath

Out-of-Stock
වඳිම් සිදුහත් - බුදු සිරිත ඇසුරින් කරන ලද නව නිර්මාණයකි.
Out-of-Stock

Shakyamuni Apadanaya

Out-of-Stock
ශාක්‍යමුනි අපදානය - බ්‍රිතාන්‍ය ජාතික සීලාචාර නම් භික්ෂුවක විසින් විරචිත 'A Young People's Life Of The Buddha' නමැති කෘතියෙහි පරිවර්තනයකි.

Budun Dakeema

බුදුන් දැකීම - මහාචාර්‍ය රේරුකානේ චන්දවිමල නායක වස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද"සූවිසි මහ ගුණය" සහ ගණේගම සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද "බුදු හාමුදුරුවෝ" මෙන්ම ත්‍රිපිටකය යන ග්‍රන්ථය යනාදිය උපකාරයෙන් කරුණු එකතු කර ගනිමින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Rs 350.00
Out-of-Stock

The Historical Buddha

Out-of-Stock
The Historical Buddha - No man has had a greater inflience on the spiritual development of his people than Siddartha Gautama. Born in India in the sixth century BC into a nation hungry for spiritual experience, he developed a religious and moral teaching that, to this day, brings comfort and peace to all who practise it. This comprehensive biography examines the social, religious and political conditions that gave rise to Buddhism as we now know it.
Out-of-Stock

Buddha His Life His Doctrine His Order

Out-of-Stock
Buddha His Life His Doctrine His Order - This book is a translation of a German work, Buddha, Sein Leben, Seine Lehre, Sein Gemeinde, by Professor Hermann Oldenberg, of Berlin, editor of the "Pali Texts of the Vinaya Pitakam and the Dipamsa".
Out-of-Stock

Lalithavistharaya

Out-of-Stock
ලලිත විස්තරය - ගෞතම බුද්ධ චරිතය ඓතිහාසික වශයෙන් විවරණය කිරීමට අවැසි ප්‍රධාන සාහිත්‍ය මූලාශ්‍රයක් ලෙස ලලිතවිස්තරය දැකිය හැකිය. සිද්ධාර්ථ කුමරුගේ උපතේ සිට තථාගතයන්ගේ ප්‍රථම ධර්ම දේශනය දක්වා මෙහි විස්තර කෙරේ. මහායාන සම්ප්‍රදායට අයත් ශ්‍රේෂ්ඨ කෘතියක් වශයෙන් මෙය හැඳින්වේ. එහෙත් ථෙරවාදී ඇතැම් අදහස් ද මෙහි දක්නට ලැබේ. දෙවැනි පරිවර්තනයේ සිට විසිඑක්වැනි පරිවර්තනය දක්වා එනම්, පරිවර්තන විස්සකින් ම පැහැදිලි කරන්නේ බෝධිසත්ත්ව චරිතයයි. සෙසු පරිවර්තන පහෙන් බුද්ධ චරිතය හා තථාගත ධර්මය පිළිබඳ විස්තර කෙරෙයි. විසිහත්වැන්නෙහි ලලිතවිස්තරය අගය කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල පිළිබඳ සඳහන් වේ. 
බෝධිසත්ත්ව වාදය භාරතයේ සාකච්ඡාවට ලක් වූ කාල වකවානුවක ලාලිත්‍යමය චරිතයක් වශයෙන් බෝධිසත්ත්ව චරිතයත්, උත්කෘෂ්ට චරිතයත් වශයෙන් බුද්ධ චරිතයත් විවරණය කිරීමට දැරූ සාර්ථක සාහිත්‍යමය නිර්මාණයක් ලෙස ලලිතවිස්තරය හැඳින්විය හැකිය. 
මෙම කෘතියේ කර්තෘ වන පූජ්‍ය ඒරුවැව ගුණ්සෝම හිමියන් රාජකීය පණ්ඩිත උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්ති ගෞරව ශාස්තවේදී උපාධිය හා ශාස්ත්‍රපති යෞපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇත. භාරතයේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව හිමි කරගත් උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනසූරී උපාධියත් හිමි කර ගත්හ. 
මහායාන දර්ශනය හා බුද්ධචරිතය මෙන් ම සමකාලීන සංස්කෘතික පසුබිම පිළිබඳ විචාරාත්මක ව අන්වේෂණය කරන කාහටත් උපකාරී වන කෘතියක් වශයෙන් මෙය හැඳින්විය හැකි ය.
  

Navathimama ya Gamana

නැවතීමම ය ගමන - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයේ හරය චතුරාර්‍ය සත්‍යයයි. උන් වහන්සේ පුරා පන්සාලිස් වසක් තිස්සේ ගම් දනව් සිසාරා වැඩම කරමින් ප්‍රාතිහාර්‍ය සහිතව, විවිධ පර්‍යායන්ගෙන් දේශනා කොට වදාළේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයයි. 
පසුව ලේඛනගත වූ මේ උතුම් ධර්මයට මේ වන විට සිය දහස් ගණන් පරිවාර ග්‍රන්ථ ලියැවී ඇත. ඒ නිසා ම මේ ධර්මය සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කරුණක් බවට පත් ව ඇත. අද දවස මේ ධර්මය අවබෝධ කරගනු කැමති පින්වතා පූර්වනිගමනවලින් තොරව, කිසිදු දෘෂ්ටියකට හසු නොවී, තමන්ගේ පෞද්ගලික විශ්වාසන්ට සහ පිළිගැනීම්වලට ගැති නොවී, පුද්ගලාබද්ධ පැහැදීම්වලට යට නොවී, අපක්ෂපාතීව මේ ධර්මය දෙස බැලිය යුතු ය.
මේ ධර්ම දේශනා එකතුව වනාහි එසේ වඩාත් නිදහස් ව, නිවහල්ව, ස්වාධීනව ඒ උතුම් ආර්‍ය සත්‍ය ධර්මය දෙස බැලීමටත් අවබෝධ කර ගැනීමටත් ඔබට මඟ සලසනු ඇත.
Rs 600.00
Out-of-Stock

Discipline The Canonical Buddhism of Vinayapitaka

Out-of-Stock
Discipline The Canonical Buddhism of Vinayapitaka - Discipline: The Canonical Buddhism of the Vinayapitaka is a penetrating analysis of a heretofore neglected, yet centrally important portion of the Pali Canon. In identifying the pivotal role of discipline in the bhikkhu quest for nibbana Professor Holt finds that Vinaya rules represent a practical implementation of the Buddha’s Dhamma. Specifically adherence to this monastic code theoretically facilitates an overcoming of asavas, mental dispositions that foster attachment to the “self” and thus perpetuate the process of samsaric kammic retribution. The formulation of Buddhist monastic law, therefore, need not be seen as the result of casuistry, rather, it is the consequence of a conscious attempt on the part of the early Buddhist tradition to identify behavioral expressions that once generate and reflect a calmed, detached and disciplined mental and spiritual state. The author has also examined the significance of the principal rituals of Buddhist monasticism as they are prescribed within the Vinaya text. He interprets these rites as cultic celebrations of discipline which, in turn, legitimate the Sangha’s claim to be the embodiment and reservoir of the Buddha’s teachings. The claim supported the Sangha’s role of occupying a mediating position between the spiritual needs of the laity and the authority and the spiritual exemplar of Buddhism, the Buddha. In short, Discipline, written from the perspective of the history of religious approach, contributed significantly to the increased understanding of the dynamics of the Buddhist religion in its formulative stages.

Winaya Shiromani

විනය ශිරෝමණී - විනය බුද්ධ ශාසනයේ පැවැත්මයි. විනය නැති වූ විට ශාසනය ද අතුරුදහන් වන බව තථාගතයන් වහන්සේ දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දින සිට පනවාපු නීති හෙවත් විනය නීති අවුරුදු 450ක් ම රක්ෂා වුණා. එතෙක් සියලු පනවන ලද සිකපද ටික ටික කැඩීමට සමහර පැවිදි උතුමෝ පටන් ගත්තා. එම අවස්ථාවේ විනය පිළිබඳ දක්ෂ උපාලි මහ රහතන් වහන්සේ සියළු භික්ෂූන් රැස් කරවා පළමු  සංගායනාව පැවැත් වූ සේක. එයින් භික්ෂූන් පන්සියයක් තෝරා ගත්හ. එම නිසා එය "පඤ්ච සතික" නම් විය. එහිදී පනවන ලද විනය කර්ම මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත.
Rs 1,000.00

Anagarika Prathipadava Hevath Sitha Nivana Maga

අනගාරික ප්‍රතිපදාව හෙවත් සිත නිවන මග - භික්ෂු ප්‍රතිපදාව පිළිබඳව අප්‍රකට ව පවත්නා විවිධ කරුණු ගිහි පින්වතුන් විසින් කියවා ආගමික  විශ්වාසයන් තහවුරු කර ගැනීමටත් භික්ෂූන් වහන්සේ විෂයයෙහි පවත්නා ගෞරවය වෙනස් නොවීමටත් හේතුවන අයුරින් ඒවා විස්තරාත්මකව මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත.
Rs 500.00
Out-of-Stock

Sanghadhikarana Jothika

Out-of-Stock
සංඝාධිකරණ ජෝතිකා - වසර 2500ත් වැඩි දීර්ඝ කාලීන අඛණ්ඩ ඉතිහාසයක් ඇති සම්බුද්ධ ශාසනයේ ජීවය සුපේශල ශික්ෂාකාමී සංඝ රත්නයයි. එය සංඝ සාමාග්‍රිය පවත්නා තාක් සුරක්ෂිතය. එබැවින් භික්ෂූන් වහන්සේලා ධර්ම විනය සංඛ්‍යාත ජීවමාන ශාස්තෘත්වයේ මාර්ගෝපදේශකත්වයට අනුකූලව සමගිව සංඝයාගේ විධායක බලයටත් අධිකරණ බලයටත් අවනත විය යුතුය. ඒ සඳහා සම්පාදිත මේ සංඝාධිකරණ ජෝතිකාව කාලීන අවශ්‍යතාවයක් සපුරාලීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.

Bhikshu Samajaya

භික්ෂු සමාජය - ලෝක ඉතිහාසයේ වාර්තාගත දීර්ඝතම අවිච්චින්න මානව සංවිධානයක් වශයෙන් බෞද්ධ භික්ෂු සමාජය විද්වතුන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වූවකි. එබඳු සංවිධානයක පැවැත්මට මූලාධාර වූ විනය ශික්ෂාවවලින් වර්තමාන සමාජ සංවිධානවලට ගත හැකි ආදර්ශ රාශියකි. එහෙත් විනය ශික්ෂා පිළිබඳ සරල සිංහල භාෂාවෙන් විචාරාත්මකව ලියන ලද ග්‍රන්ථ ඉතා විරලය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්‍ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින් රචිත එමෙන්ම නව සංස්කරණයකින් යුක්තව පළ කොට ඇති "භික්ෂු සමාජය" නමැති කෘතිය ඉහත කී අඩුව බොහෝ දුරට සම්පූර්ණ කිරීමට ගත් ප්‍රශස්ථ උත්සාහයක් ලෙස සඳහන් කළ යුතුය. ශාස්ත්‍රීය මෙන්ම ප්‍රායෝගික යන දෙපක්ෂයෙන්ම විනය ශික්ෂා පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතු උන්වහන්සේගේ මෙම කෘතිය විද්වත් පාඨක ජනතාවගේ මෙන්ම සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ ද අවධානයට යොමු විය යුතු කෘතියක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
Rs 250.00
Out-of-Stock

Sivura

Out-of-Stock
සිවුර - සිවුර පිළිබඳ විවිධ කතා ජාතක කතා මඟින් පළ කර තිබේ. මෙම කතා පුවත් මඟින් හෙළි වන තොරතුරු වෙන් කොට මෙම ග්‍රන්ථය ඇතුළත් කර ඇති අතර ඉන් පෙර පැවති කතාවන් ද එක් කර ඇත. එසේ ම එහි පවතින සමාජ ආකල්ප ආදිය ද බොහෝ දුරට එක් කොට ඇත. ආදිතම ඇඳුම විදියට කරුණු එක් කිරීමේ දී රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ 'ශාසනාවතරණය' හා 'උපසම්පදාශීලය' යන ග්‍රන්ථ හා වෙනත් එක් කළ තොරතුරු මඟින් එහි පැරණි බව ඔප්පු කිරීමට උත්සාහ කර ඇත. සිවුරේ පවතින පැරණි බව එහි ආරම්භය, අඳින විදිය හා සිවුර සකස් කරන විදිය මෙන් ම විනයානුකූල බව ආදිය ද ඒ සඳහා භාවිත කරන ක්‍රමවේද මෙන්ම ගත යුතු දෑ ආදිය ද විග්‍රහ කොට ඇත.

Bhikkupathimokkan

භික්කුපාතිමොක්ඛං - 'සෞන්දර්‍ය පිළිබඳ බෞද්ධ ආකල්පය', 'පාලි අට්ඨකතාවන්හි පිළිබිඹු වන ව්‍යාකරණ සම්ප්‍රදාය' වැනි ශාස්ත්‍ර්‍රීය ග්‍රන්ථ හා සංස්කරණ ග්‍රන්ථ රාශියක් මුද්‍රණය කරවා ඇති උන්වහන්සේ පාඨකයන් වෙත ඉදිරිපත් කරන "භික්ඛුපාතිමොක්ඛං" නමැති මෙම කුඩා පාඨ ග්‍රන්ථය භික්ෂු භික්ෂුණී උභය ප්‍රතිමෝක්ශයෙහි ඇතුළත් ශික්ෂාපද සංග්‍රහයකි. විනය ශික්ෂාපද හදාරන අයට අත්පොතක් වශයෙන් මෙය භාවිත කළ හැකිය. බුද්ධශාසනයේ චිරස්ථිතිය සඳහා විනය ශික්ෂාපද ආරක්ෂා කිරීම බෙහෙවින් ඉවහල් වන බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට පාලි විනය ශික්ෂාපද වාචෝද්ගත කොට හැදෑරීමේ දී මෙම ග්‍රන්ථය බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව කිව හැකිය.
Rs 150.00

Bhikkupathimokkan

භික්ඛුපාතිමොක්ඛං - භික්ඛු භික්ඛුනී පාතිමොක්ඛ ශික්ෂාපද අඩංගු වන්නේ විනය පිටකයේ සුත්තවිභංග නමින් හැඳින්වෙන පාරාජික පාලි හා පාචිත්තිය පාලි ග්‍රන්ථ දෙකෙහිය. උපෝසථ දිනයෙහි භික්ෂු භික්ෂුණීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා ඈත යුගයකදී ම එම සිකපද පමණක් සංග්‍රහ කිරීමෙන් භික්ඛු පාතිමොක්ඛයත්, භික්ඛුනී පාතිමොක්ඛයත් බිහිවිය. දැනට මුද්‍රණයෙන් බිහි වී ඇති පිටපත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් තුලනාත්මකව පරීක්ෂාවට භාජනය කොට පාටාන්තර දෝෂයන් හැකිතාක් අඩුකොට මෙම භික්ඛුපාතිමොක්ඛය පිළියෙල කරන ලදී. මෙය සැකසීමේ දී මූලික අරමුණ වූයේ ද උපෝසථ දින  සීමාමාලකයේදී ද අත්පොතක් වශයෙන් භාවිත කිරීම සඳහා උපයෝගී කර ගැනීමට වඩාත් නිවැරදි පාඨග්‍රන්ථයක් පිළියෙල කිරීම ය.
Rs 280.00

Pali Thripitaka Grantha Wanshaya

පාලි  ත්‍රිපිටක ග්‍රන්ථ වංශය  - සකල ලෝක සත්ත්වයින්ගේ සංසාර තරණය පිණිස බුදු රජුන් වදාළ ධර්ම - විනය සංගීතියෙහි මහ තෙරවරුන් විසින් ක්‍රිස්තු වර්ෂයෙනුත් ශත වර්ෂ කීපයකට පෙර පිටකත්‍රයෙහි ලා සංගෘහිත වූ නමුත්, ඒ එක් එක් පිටකයක ඇතුළත් වන පුස්තකයනුත්, එකී පුස්තකයන්හි පිළිවෙළින් අන්තර්ගත වූ සූත්‍රාන්ත ධර්ම දේශනාවනුත් පිළිබඳ විස්තරයක් සිංහල පාඨකයනට පහසුවෙන් වටහා ගත හැකි පරිදි මෙතෙක් සම්පාදනය නොවීමේ අඩුපාඩුව හුදෙක් පිරිමසාලීමේ අදහසින් මෙය පිළියෙල කරන ලදී.
 ත්‍රිපිටකය පිළිබඳ පර්‍යේෂණ පැවැත් වූ පෙර අපර දෙදිගෙහිම පඬිවරුන්ගේ ලිපි ලේඛනාදිය ආශ්‍රයෙන් පාලි භාෂාවේ සම්භවය හා ව්‍යාප්තිය ගැනත්, ධර්ම විනයාන්තර ගත පුස්තකයන්ගේ රචනා කාලයන් ගැනත් සිංහල පොත්වල සඳහන් නුවූ කරුණු රාශියක්ම මෙහි ඇතුළත් ය.
මෙකී සංස්කරණයෙහි විනය පිටකය සම්පූර්ණයෙනුත්, සූත්‍ර පිටකයෙන් දීඝ හා මජ‍්ඣිම නිකායනුත් මෙකල ආධුනිකයනට ප්‍රයෝජනවත් වන ලෙසකින් අන්තර්ගතකොට ඇත්තේ ය.
Rs 250.00
Out-of-Stock

Herana Huruva

Out-of-Stock
හෙරණ හුරුව - ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවිද්දකු වශයෙන් දශක 05ට වැඩි කාලයක් ලත් තම අත්දැකීම් මූලික කරගෙන පූජ්‍ය මාපලගම මෙත්තෙය්‍ය හිමියන් නවක සාමණේරයන් වහන්සේලා අරමුණෙහි තබා 'හෙරණ හුරුව' ග්‍රන්ථය සසුනේ පැවිදි වූ සහ පැවිදි වන හෙරණුන් හට තම දායක පිරිස හා සම්බන්ධ කටයුතුවල දී දැනුවත් වීම සඳහා අවශ්‍ය ආගමික වතාවත් පිළිබඳව ග්‍රන්ථයක අවශ්‍යතාවය සපුරයි. 
සංඝගත දක්ෂිණාවේ පටන් බෝධි පූජාව දක්වා ආගමික වතාවත් ඉතා සරල අයුරින් රචනා කර ඇති මෙම ග්‍රන්ථය සෑම සාමණේරයන් වහන්සේ නමක් ම පරිහරණය කළ යුතු කෘතියක් වශයෙන් අගය කළ යුතුය.