Buddhist & Other Novels

-10%

Maha Naranindu Walagamba

මහ නරනිඳු වලගම්බා සාර්ථක ඓතිහාසික නවකතාවකි. වලගම්බා රජතුමා ගැන මූලාශ්‍ර හා ජනශ්‍රැතියෙන් හෙළි කෙරෙන තොරතුරු පරිශීලනය කරමින් රචිත මෙය නවකතාවක් වුවත් මූලාශ්‍රයක් වශයෙන් සැළකීමට තරම් රැසක් තොරතුරු මෙහි අන්තර්ගතය.
Rs 711.00
Rs 790.00
-10%

Seethavaka Sinhaya

සීතාවක සිංහයා - රාජසිංහ රජු ඔහුගේ ප්‍රථම ආක්‍රමණිකයා වූ පෘතුගීසීන්ගෙන් මාතෘභූමිය ගලවා ගැනීමට පෑ රණකාමීත්වය ලේවලින් ලක් ඉතිහාසය වර්ණවත් කරයි. මේ රාජසිංහගේ කතාවයි.
Rs 252.00
Rs 280.00
-10%

Detu Puravasiyo

දෙටු පුරවැසියෝ - මෙම කෘතිය මනෝ මූලික තොරතුරු වලින් හා අත්දැකීම්වලින් ගහණ කථා පහුරු දහයකින් සමන්විතය. ඒ සමහ‍රකින් මිනිස්කම, සාධාරණය තුළ එක්සත්බව, සාමූහික බව සුපුෂ්පිතව සුවඳවත් වන අයුරු චින්තනයට හසු කරවයි.
Rs 162.00
Rs 180.00
-10%

Pakundaka Nam Mamay Ya

පකුණ්ඩක නම් මම ය නමැති මෙම නවකතාව සංගෘහිත වන්නේ ඒ දීපවංසයේ එන කතාව පාදක කරගෙනය. එහෙත් මෙය ඉතිහාස කතාවක් නොවේ. සැබැවින්ම ඒ යුගයේ සිදු වූ සත්‍ය සිද්ධීන් පාදක කරගත් නව ප්‍රබන්ධයකි.
Rs 360.00
Rs 400.00
-10%

Sangramaye Wiyagraya

සංග්‍රාමයේ ව්‍යාඝ්‍රයා
Rs 270.00
Rs 300.00
-10%

Weerayo Saha Dheerayo

වීරයෝ සහ ධීරයෝ - මෙහි එන සියළු කතා නිර්මාණය වී ඇත්තේ, කිසියම් උතුම් මිනිස් දහමකට මුල් තැන දෙමිනි.
Rs 117.00
Rs 130.00
-10%

Nivahal Tharunya

නිවහල් තාරුණ්‍යය - මෙම කෘතිය පුරා දිවස්වන්නේ තරුණ දුවා දරුවන් ‍යහපත් ආකාරයෙන් අනාගතය දැකීම හා නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය කරුණු දැක්වීමක් බැවින් මෙය විශේෂයෙන් තරුණ පරපුර කියවිය යුතුම ග්‍රන්ථයක් ලෙස නිර්දේශ කල හැකිය.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Badura Mal

Out-of-Stock
බාදුරා මල් - තරුණ දරුවන්ගේ ආකල්පමය වශයෙන් සංවර්ධනය කිරීමෙහිලා බොහෝ පොත් රචනා කරන ලද කතුවරුන් අතර පෙරමුණේ සිටින්නේ දයා රෝහණ අතුකෝරල මහතාය. තරුණයන් හා ළමා පරපුර නිවැරදි මාවත ඔස්සේ යැවීමට වෙර දරණ දෙමාපියන්ද කියවිය යුතුම ග්‍රන්ථයකි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Nidhana Kale Abhirahasa

Out-of-Stock
නිධාන කැලේ අභිරහස - රහස් පරීක්ෂක කෘතියක ලක්ෂණ මතුවන නිධාන කැලේ අභිරහස නම් නවකතාව පිටිසර ගම්මානයක වෙසෙන ළමුන් හතර දෙනෙකුගේ වීරක්‍රියාවක් වටා ඉතා මනරම් අයුරින් ගොතන ලද දිනේෂ් ගුණතිලක සමරවික්‍රම ගේ ප්‍රබන්ධයකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Akkara Paha

Out-of-Stock
අක්කර පහ - ලාංකේය නවකතා සාහිත්‍යය තුළ දේශජ ගුණ සුවදින් යුතු නවකතාවක් ලෙස අක්කර පහට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අඩසියවසක් පුරා පාඨක විචාරක අවධානය මැනවින් ග‍්‍රහණය කරගත් මෙම නවකතාව විවිධ විභාග පරීක්ෂණ සඳහා ද නිර්දේශ වී ඇත.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock

Wilambeetha

Out-of-Stock
විලම්බීත - ටී. බී. ඉලංගරත්නයන්ගේ ඉතා ජනප්‍රිය වූ තුන් ඈඳුතු නවකතාවේ පළමු වැන්න වූ විලම්බීත කෘතියට හිමි වන්නේ විශේෂ තැනකි. ප්‍රධාන චරිතය වන තිලකගේ ළමා අවධිය මෙම කතාවෙන් නිරූපිත වන අතර දශක පහක් මුළුල්ලේ ළමයින් පමණක් නොව වැඩිහිටියන් පවා ඉතා ආශාවෙන් කියවූ කෘතියකි.
Rs 720.00
Rs 800.00
-10%

Ranmuthu Arama

රන්මුතු අරම
Rs 810.00
Rs 900.00
-10%Out-of-Stock

Pethsama

Out-of-Stock
පෙත්සම - එදා නුවරකලාවිය නමින් හැඳින්වුණු අද අනුරාධපුර දිස්ත්‍රීක්කය ලෙස හඳුන්වන රජ රටට අයත් කුඩා ගමක ජීවත් වූ මිනිසුන් මුහුණ පෑ ගැටළු හා ඒවාට ඔවුන් ප්‍රතික්‍රියා කළ ආකාරය මොනවට විවරණය කර ඇති නවකතාවක් ලෙස ආචාර්‍ය ලීල් ගුණසේකර මහතාගේ "පෙත්සම" හැඳින්විය හැකිය.
Rs 450.00
Rs 500.00
-10%

Yasodava

යසෝදාව
Rs 450.00
Rs 500.00
-10%

Dhivara geethaya

සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේම නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්‍යයකි. සෝවියට් කිර්ගීසියාව විසින් බිහි කරන ලද විශිෂ්ටතම සාහිත්‍යධරයෙක් වූ 'චින්ගීස් අයිත්මාතොවි' සිය නිර්මාණ අතුරින් ප්‍රියතම කෘතිය ලෙස මේ නව කතාව හැදින් වූ අතර ලාංක්‍රීය ජනයාට රස විදීම සදහා 'චූලානන්ද සමරනායක' මහතා විසින් මෙය සිංහලට පරිවර්නථය කරන ලදි.
Rs 720.00
Rs 800.00
-10%

SASARIN METHARATA

'කර්තෘ ගෙන්..
'සසරින් මෙතෙරට' නවකතාව ලිවීම සදහා පාදක වූ මූලික කරුණ වුයේ එක්තරා ආරණ්‍ය සේනාසනයක වැඩ සිටින ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ කරුණාව යටතේ ඇති දැඩිවන කුඩා කොලු ගැටයකු මා හට මුණගැසුණ පසුව ය.අප සමාජයේ ජිවත් වන බොහෝ පිරිස් උත්සාහ ගනුයේ කිසියම් පුද්ගලයකු කරන කියන දේවල් අඩුපාඩු විමසා බැලීමට හෝ කරන දෙයක් හෙළා දැකීමට බව බොහෝ දුරට ප්‍රත්‍යක්ෂ කරුණක් බව ඔබ පිළිගනු ඇතැයි සිතමි.
මෙම කෘතිය එවැනි සමාජයක ජිවත් වුණ හිමිනමක් වටා ගෙතුණු මනංකල්පිත චරිතාංගයකි. අනුන්ගේ ගුණදොස් විචාරණ, තමන්ගේ අඩුපාඩු හදුනා ගැනීමට උත්සුක නොවන සමහර පිරිස් ගැන විවේචනාත්මක හදුන්වා දීමක් ද මෙම කෘතියේ කිසියම් තැනක උත්සාහ දරා තිබේ. එයින් පාඨකයාට කිසියම් හෝ අයුරකින් මෙම කතාව රස වින්දනයට බාධාවක් නොවන්නේ යැයි සිතමි. එසේම නවසීය හැත්තෑ ගණන්වල මුල් භාගය වූ සමාජීය පසුබිමක් තුළ චරිත ප්‍රදානය කිරීමට හා උත්සාහ ගනු ලැබුවේ නූතන සමාජයට වඩා රසස්වාදයක් එකල පැවති සමාජය තුළ ගැබ්ව ඇති බව මා විශ්වාස කරන නිසාවෙනි. එහෙත් අද සමාජය තුළ ජීවත්වන තරුණ පිරිසට එහි ඇති රසය වටහා උකහා ගැනීමේ හැකියාවක් ඇත්ද යන්න තේරුම් ගැනීම අපහසුය. අප ජීවත්වන සමාජය තුළ සිදුවන නොයෙකුත් දේ නිසා අපේ ගමන අරමුණු කරා ගමන් කිරීමට නොයෙකුත් බාධා කරදර අතිවන අතර සසරින් එතෙර වීමට උත්සාහ කරන බෝධිසත්ත්වයකුට වුවද මෙම සසරට ඇද බැද බාධක කම්කටොලු විදහා දක්වන නවකතාවක් වශයෙන් 'සසරින් මෙතරට' නවකතාව ඔබ හමුවේ තබමි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock

Ginnen Upan Daruvo

Out-of-Stock
කතුවරයාගේ සටහන
මේ නවකතාවෙහි සඳහන් වන ඓතිහාසික පුද්ගලයන්ගේ චරිතහැර සෙසු සියලු චරිතයෝ මනඃකල්පිතයහ. ගාන්ධිතුමාගේ පන්ජාබ් සංචාරයත් වේල්ස් කුමාරයාගේ සියල්කොත් සංචාරයත් පිළිබඳ ව එන විස්තර ද සම්පූර්ණයෙන් ම මනඃකල්පිත ය. මෙහි සඳහන් චන්ද්‍ර මාස දින වකවානු ද සත්‍ය කරුණු හා එකඟත්වයක් පළ නොකරයි.
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock

Pada Parama

Out-of-Stock
කතෘගෙන්... 
පද පරම - දුරාතීතයේ දඹදිව විසූ මිනිසුන්ගේජීවිත විග්‍රහ කරන්නක් පමණක් නොව, භව ගමනෙහි යළි උපත් ගැනද, ඇසට නොපෙනෙන පරම අණුවක ගමන් මග ගැනද පාඨකයාට සිතන්නට තුඩු දෙන අපූර්ව නවකතාවකි.අන් දනන් උදෙසා කල්ප ගණන් භව චක්‍රයන්හි සැරිසරමින්, බුදුවරයෙකු දැක, මතු බුදු බව ලබන්නෝ කෙතරම් අල්පද? එවන් බුදුවරයෙකු හෙළිදරව් කරන්නා වූ ධර්මතාවයන් සැබවින්ම අවබෝධ කර නොගෙන පදයම් පමණක් පරම සත්‍යය සේ දොඩන්නෝ කොපමණද?විශ්වයෙහි පැවැත්මේ යථාර්ථය සහමුලින් අවබෝධ කර ගන්නා බුදුවරයෙකු ලොව පහල වන්නේ කල්ප කාලයකිනි.
Rs 531.00
Rs 590.00
-10%

Purvajanma Apurvaya

මෙය මහාචාර්ය බ්‍රයන් වේස් හා මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් වැනි ප්‍රකට මනෝ විද්‍යාඥයන් ගේ පූර්වජන්ම පර්යේෂණ සිද්ධි අධ්‍යයනයකි. සුනේත්‍රා එම සිද්ධි විග්‍රහ කරන්නේ භාවනා යෝගීන් ඇසුරෙහි ද බුද්ධ ධර්මයෙන් ද සුපෝෂිත මනසකිනි. පෙර ජීවිතයක තමන් කවරකු වුවත් වඩා වැදගත් වන්නේ වර්තමාන ජීවිතයේ අත් වාරුව මෛත්‍රිය හා අවංක භාවය විය යුතු බව ද කර්මයට අභියෝග කළ හැකි ශක්තිය තමා තුළින් විනා බාහිර බලවේගයකින් ලබා ගත නොහැකි බව ද පෙන්නුම් වෙන මේ කෘතිය ආධ්‍යාත්මික ආලෝක දහරකින් මනස සුවපත් කරයි.
Rs 306.00
Rs 340.00
-10%

Sooriyakantha Mala

පරිවර්තකගෙන්...
The Sunflower - 'සූරියකාන්ත මල' මෙම කෘතිය මට ලැබුණේ මා හිතවත් දයාවංශ ජයකොඩි යුවලගෙනි.මෙයද නාසි යුද සමයේ සිදු වූ තවත් ශෝකාන්තයකි. හිට්ලර් විසින් යුදෙව් ජනතාව සමූල ඝාතනය කිරීමේදී ඔවුන් විඳි වධ වේදනාවන් පිළිබඳ තවත් එක් කතාවකි.එහෙත් මෙය තරමක වෙනස් මුහුණුවරක් ගනී. යුදෙව් ජනතාව ඝාතනය කිරීමට නාසි හමුදාවට එක්වූ ජර්මන් තරුණයෙක් තමන් අතින් යුදෙව් ජනතාවට සිදු වූ අපරාධ වටහාගෙන ඒ පිළිබඳ පාපෝච්චාරණය කොට සිරගත කොට සිටි යුදෙව් තරුණයෙකුගෙන් සමාව ඉල්ලයි. එහෙත් ඔහුට සමාව දිය යුතු ද නැද්ද පිළිබඳව දෙගිඩියාවෙන් සිටි යුදෙව් තරුණයා සමාව දෙන්නේ නැත.ඔහු තමා ගත් තීරණය නිවැරදි දැයි ලෝකයාගෙන් අසයි. ඒ අවස්ථාවෙදී ඒ ගැන අදහස් දක්වන විද්වතුන් රැසකයේ ප්‍රකාශ මුල් කෘතියේ ඇතුළත්ය. පාඨකයා වෙහෙසන්නට නොහැකි බැවින් එම කොටස අත්හළෙමි. එහෙත් ඔහුගේ තීරණය ගැන අදහස් දැක්වීම පාඨකයාට බාරය.
Rs 432.00
Rs 480.00
-10%

Yali Upan Diyani

'A LITTLE GIRL LOST... BETWEEN DEATH AND LIFE' කෘතිය සිංහල පරිවර්ථනය වන යළි උපන් දියණි නම් මෙම කෘතිය තුළින් මරණයත් ජීවිතයත් අතර අතරමංවුණු දැරියකගේ කතාව කුමාරි ගුණරත්න මහත්මිය විසින් පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වන අතර මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙන හැර දක්වන්නකි.
Rs 1,260.00
Rs 1,400.00