Home

Out-of-Stock

Dhayanayata Maga Soyamu

Out-of-Stock
ධ්‍යානයට මග සොයමු - භාවනා සිතුවිලි 02 - චිත්ත නිමග්නතාවය නොහොත් ධ්‍යාන සමාධිය ලබා ගැනීම සහ එමගින් ආවරණය වූ සත්‍යය දැකීම සදහා භාවනාව යොදාගන්නා ආකාරය පිළිබදව ඉගැන්වීම් සමුදායක් මෙහි අන්තර්ගත වේ. 

Bhawana Deepaniya

භාවනා දීපනිය - ලොව පවත්නා විවිධ භාවනා ක‍්‍රම පිළිබදව දිනමිණ පුවත්පතෙහි පළ වූ ලිපි මාලාවක් ආශ‍්‍රයෙන් සම්පාදනය කළ වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 840.00

Sadaham Mage Yamu Mese

සදහම් මගේ යමු මෙසේ - පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා කීපයක් ඇසුරෙන් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 320.00
Out-of-Stock

Sundara Diviyata Vidasun Bhawana

Out-of-Stock
සුන්දර දිවියට විදසුන් භාවනා - මේ සදහම් ග‍්‍රන්ථයේ ඉතා සරල, පැහැදිලි භාෂාවකින් විදර්ශනා භාවනාව ගැන සදහන් වෙයි. මෙහි ඇති භාවනා ක‍්‍රමය ජීවිතයට එකතුවන විට ඔබගේ ජීවිතය සුන්දරත්වයෙන් පිරී යයි. දිනෙන් දින ධර්මාවබෝධය වෙත ළගා වෙයි. ගෞතම බුදු සසුන තුළ මග - ඵල ලැබීමේ වාසනාව උදාවෙයි. 

Sundara U Niwan Maga 2

සුන්දර වූ නිවන්  මග - 2 - මේ සදහම් ග‍්‍රන්ථයේ ඉතා සරල බසින් සතර සතිපට්ඨානයට අයත් වේදනානුපස්සනාව විස්තර කර ඇත. එය සෑම භාවනා යෝගියෙකු විසින්ම ඉගෙන ගත යුතුය. මතකයේ රදවා ගත යුතුය. එවිට ඔබ සුන්දර වූ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙකු වේ. මෛත‍්‍රී භාවනාව තුළින් අධිමානසික හැකියාවන් උපදවා ගන්නා ආකාරය ද මෙහි විස්තර කර ඇත. 
Rs 220.00
Out-of-Stock

Buduguna Bavanava Ha Maithree Bhavanava

Out-of-Stock
දකිමු අරිහත් මුනිදු මෙලෙසින් වඩමු උත්තම මෙත් බවුන් -  බුදුගුණ භාවනාව හා මෛත‍්‍රී භාවනාව සම්බන්ධයෙන් පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් මේ සදහම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Out-of-Stock

Bhavana

Out-of-Stock
ධර්මාවබෝධය ලබන මග භාවනා -  මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් ඉතා විස්තරාත්මක ලෙස කායගතාසති භාවනා, ආනාපානසති භාවනාව, ඉරියාපථ භාවනාව සහ සතිසම්පජඤ්ඤ භාවනාව යන භාවනාවන් ප‍්‍රායෝගික ජීවිතය තුළ දියුණු කරගන්නා ආකාරය සරල බසින් පහදා දී ඇත. 

Savigngnanaka Bhawanawa

සවිඤ්ඤාණක භාවනාව - බුරුම ජාතික ප‍්‍රකට භාවනාචාර්ය තෙරුන් වහන්සේ නමක වූ අෂීන්තේජනීය හිමියන් යෝගාවචරයකුගේ භාවනා ගැටලූ නිරාකරණයට දෙන උපදෙස් හා අවදි අවධානයෙන් යුක්තව භාවනාකොට ලබන චිත්ත සමාධිය තුළින් ප‍්‍රඥාව මුවහත් කරගන්නා ආකාරය මැනවින් විග‍්‍රහ කෙරෙන සදහම් ග‍්‍රන්ථයකි. මෙය Awareness Alone Is Not Enough  නැමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 380.00

Aduren Eliya Kara (Kayanupassana Bhavana)

අදුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා -  සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ආනාපානසති භාවනාව, ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, නවසීවථික භාවනාව, අසුභ භාවනාව, අට්ටිකසංඥා භාවනාව පිළිබදව මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරින් ඉතා විස්තරාත්මකව සරල බසින් පහදා දී ඇත. 
Rs 590.00

Kayagatha Sathi Bhavana

කායගතාසති භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළ කායගතාසති භාවනාව නම් වූ නිවන පිණිස උපකාර වන සතර සතිපට්ඨානයට අයත් එම භාවනාව, නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතාමත් සරල බසින් විස්තරාත්මක ලෙස පහදා  දී ඇත.
Rs 380.00

Ruvaka Mahima

රුවක මහිම - ඉතා සරල බසින් සතර සතිපට්ඨානයට අයත් කරුණු විස්තර කර ඇති මේ සදහම් ග‍්‍රන්ථය ගෙදරම වැඩ සිටිනා භාවනා ගුරුවරයෙකි. 
Rs 260.00

Iriyapatha Bhavana

ඉරියාපථ භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතා සරල බසින් විස්තරාත්මකව පහදා දී ඇත.
Rs 320.00

Vidarshana Gnaa Margaya Ha Gothrabuu Gnaya

විදර්ශනා ඥාන මාර්ගය හා ගෝත‍්‍රභූ ඥානය - සෑම දෙනාගේම ජීවිත ප‍්‍රමුදිත කරගැනීමට, ආලෝකවත් කර ගැනීමට විදර්ශනා ඥාන ඉතා සරලව මෙම කෘතියෙන් විග‍්‍රහකර තිබේ.
Rs 295.00
Out-of-Stock

Bhavana - Thai Maha Rahathan Wahanselage Saha Bharatha Yoginge Wishmitha Athdakiem

Out-of-Stock
භාවනා - බෞද්ධ භාවනා උපයෝගීත්වයෙන් ධූතාංග කමටහන් වඩා මාර්ග ඵල ලබා රහත් තත්වය උදාකර ගත් පූජ්‍ය ආචාර්ය අජාන් මුන්, අජාන් මහා බුවා, අජාන් චොබ්, කායිව් තෙරණිය ඇතුළු තායිලන්ත මහරහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් ඇතුළත් ඇදහිය නොහැකි තරමේ කතා රැසකින් සම්පාදනය වූ අගනා කෘතියකි. 
Out-of-Stock

Bauddha Bhavana Krama Saha Mano Chikithsawa

Out-of-Stock
බෞද්ධ භාවනා ක‍්‍රම සහ මනෝ චිකිත්සාව - බෞද්ධ භාවනා ක‍්‍රම සහ මනෝ චිකිත්සාව - මානසික සහනය, ආධ්‍යාත්මික දියුණුව හා සමාජ සහජීවනය යන කරුණු අරභයා බෞද්ධ භාවනාවෙන් ලැබිය හැකි උසස් ප‍්‍රතිඵල රාශියකි. මෙහි ඇතුළත් කරුණු මනා අවබෝධයකින් යුතුව තේරුම් ගැනීමෙන් හා ඒවා දෛනික ජීවිතයේදී ක‍්‍රියාවට නැංවීමෙන් එම ප‍්‍රතිඵල පෞද්ගලිකවම ලබාගත හැක.

Bauddha Bhawana

බෞද්ධ භාවනා - බෞද්ධ ජීවිතයකට අත්‍යවශ්‍ය භාවනා ක‍්‍රම, අත්දැකීම් හා කර්මස්ථානාචාර්ය උපදෙස් ද සහිතව සම්පාදනය කළ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 1,000.00
Out-of-Stock

Sathipattanaya Thulin Sathuta Labamu

Out-of-Stock
සතිපට්ඨානය තුළින් සතුට ලබමු - ''Transformation And Healing''  නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය සතර ආකාරයෙන් සිහි කල්පනාව පවත්වා ගැනීම පිළිබදව කියාදෙන සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් සරල බසින් ලියැවුණු අගනා කෘතියකි.
Out-of-Stock

Oba Sevu Bhavanamaya Amadahama

Out-of-Stock
ඔබ සෙවූ භාවනාමය අමාදහම - වසර 40 ක් පුරා භාවනාව පිළිබඳව ලැබූ අත්දැකීම් හා ගුරුහිමිවරුන්ගෙන් ලත් උපදෙස් ද අනුගමනය කරමින් ලියැවී ඇති මෙයින් නවකයන්ට ද භාවනාව ගැන උපදෙස් ලබාගත හැක. භාවනාව පදනම් කර ගනිමින් අනේක විධ හැඟීම් පාලනය කරගත හැකි බව ද එය විමුක්ති මාර්ගයකට යොමු වීම සඳහා අතිශය ප‍්‍රයෝජනවත් වන බව ද මෙම කෘතිය තුළින් ධ්වනිත කර ඇත. 

Widharshanavata Pahasu Magak

විදර්ශනාවට පහසු මගක් - ''Beginners Guide To Inside Meditation''  නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය විදර්ශනාව තුළින් විමුක්ති මාර්ගය සාක්ෂාත් කර ගන්නේ කේසේදැයි සරල බසින් විග්‍රහ කර ඇත.
Rs 500.00

Sansidunu Sitha

සන්සිදුණු සිත - මෙම පොතෙන් පෙන්වා දී ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුතුව සිත ශරීරය සමග එකඟ කිරීමෙන් සමාධිය හා ප‍්‍රඥාව වර්ධනය කර ජීවිතයට ප‍්‍රීතියක්, සැපයක් ලබා ගන්නා අන්දමයි.  සන්හිදියාවක් ලබාගන්නා ආකාරයයි.  
Rs 230.00

Aanapana Sathi Bhavana Widhi

ආනාපාන සති භාවනා විධි - දානයේදීත් සීලයේදීත් ලැබෙන ආනිසංස වලට වඩා මහත්ඵල මහානිසංස භාවනා කිරීමෙන් ලැබෙයි. පංච නීවරණ දුරුවෙයි. සිත එක අරමුණක පිහිටයි. ඒ ඒකාග‍්‍රතාවයි. එවිට සිතෙහි ධ්‍යාන, පංච අභිඥා, අෂ්ට සමාපත්ති පිළිවෙළින් මාර්ග ඵල නිවන් අවබෝධ වේ. ඒ නිසා දාන සීලාදී පිංකම්වලට වඩා භාවනාමය වූ පිංකම්හි යෙදීම අත්‍යවශ්‍ය දෙයකි. 
Rs 350.00

Samatha Bhavana Widhi

නිවන් මාර්ගය උදෙසා මෙන්ම ලෞකික දියුණුව සහ කායික මානසික සුව සහනය සඳහාද භාවනාව අතිශය වැදගත් වෙයි. සමථ භාවනාව පිළිබඳවත් සම සතළිස් කර්මස්ථාන සහ එ්වා තෝරාගැනීම පිළිබඳවත් සියලූ විස්තර මේ කෘතියෙන් රූප සටහන් සහිතව විස්තර කෙරේ.
Rs 500.00

Me Athbawayedee ma...

මේ අත්බවයේදී ම.... - ''In This Very Life''  කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය සයාඩෝ උ පණ්ඩිතාභිවංස හිමියන් විසින් 1984 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් හි විපස්සනා භාවනා සමිතියේ දී පවත්වන ලද දේශන වල එකතුවකින් සැදුම් ලද්දකි. 
Rs 700.00

Bauddha Moksha Margaya

බෞද්ධ මෝක්ෂ මාර්ගය - බුදු දහමෙහි පැනෙන සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිවිධ ශික්ෂාව පිළිබදව සියුම් මෙන්ම ගැඹුරු විවරණයකින් සම්පාදිත මෙම කෘතිය බුදු දහම පිළිබදවත් උනන්දුවක් දක්වන පාඨකයාට හස්තසාර ග‍්‍රන්ථයකි. 
Rs 300.00

Meth Sisila Wapura Kopa Gini Nivalamu

මෙත් සිසිල වපුරා කෝප ගිනි නිවාලමු -  කෝපය නිසා ඇතිවන අහිතකර විපාක ගැනත්, සිහියෙන් සහ එළඹ සිටි නුවණින් යුතුව කටයුතු කිරීමෙන් කෝපය හ`දුනා ගන්නා අයුරුත්, ක්‍රෝධය යටපත් කළ හැකි ආයුධයක් වශයෙන් භාවිත කළ හැකි මෛත‍්‍රී භාවනාව ගැනත්, මෛත‍්‍රිය වැඞීමෙන් කෙනෙකුට ලද හැකි බොහෝ ප‍්‍රයෝජන ගැනත් සවිස්තරාත්මක ලියැවුණු කෘතියකි.
Rs 190.00
Out-of-Stock

Samadhiye Preethiya

Out-of-Stock
සමාධියේ ප‍්‍රීතිය - ''සමාධි'' ය ගැන කරුණු විස්තර කර ඇති අත්පොත් වලට වඩා මේ පොත වෙනස් වෙයි. ප‍්‍රධාන වශයෙන්ම එකම ආචාර්යවරයෙකුගේ අදහස් හෝ දෘෂ්ටි කෝණයන් මෙහි දැක්වෙන්නේ නැත. ඒ වෙනුවට විවිධ පදනම් ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථයන් පිළිබද ඉදිරිපත් කිරීම් සහ සමාධිය පිළිබද විවිධ ඉගැන්වීම්, ගැඹුරින් පුළුල්ව, අංගසම්පූර්ණව පරික්ෂා කොට අදාළ මාතෘකාව පිළිබදව ඇති තර්ක, නොඑකගතා සහ මත සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි. 

Nivan Maga Ha Bhavana Poorva Sadhanava

නිවන් මග හා භාවනා පූර්ව සාධනාව - අද අප බෞද්ධයන් බෝහෝ රෝගාබාධයන්ගෙන් පෙළෙයි. තරුණ  පිරිස අතර ද අද ශාරීරික නිරෝගීබව බෙහෙවින්ම අඩුය. එවැනි තරුණ පිරිසට නිරෝගීව, පී‍්‍රතියෙන් හා සුවයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කරගනිමින් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වා ගැනීමට මෙම භාවනා පූර්ව සාධනාව මහගු දායාදයකි.
Rs 350.00
Out-of-Stock

Sathipattana Bawana

Out-of-Stock
සතිපට්ඨාන භාවනා - සතිපට්ඨාන සූත‍්‍රය විදර්ශනා භාවනා මාර්ගයකි. එහි අන්තර්ගත වූ කොටස් අවසන් වන්නේ ද චතුරාර්ය සත්‍ය ධර්මයට යොමු වීමක් ලෙසය. විශුද්ධියට ඒකායන මාර්ගය ද වෙයි. එදිනෙදා ජීවිතයේ ගෙවී යන අසහනකාරී දෑ මෙන්ම අභියෝගයන්ට මනා පිටුවහලක් වේ. ”සතිපට්ඨාන භාවනා” නමැති මේ සදහම් ග‍්‍රන්ථය ඒ සදහා මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි. 
Out-of-Stock

Adhyathmika Lokayata Marga Sithiyama

Out-of-Stock
ආධ්‍යාත්මික ලෝකයට මාර්ග සිතියමක් - The Meditator's Atlas නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙයින් බෞද්ධ සාහිත්‍යයෙහි සම්භාවනීය ග‍්‍රන්ථයක් වන ”විසුද්ධි මග්ග” පොතෙහි සදහන් ”පාරිසුද්ධියට මග” වෙත ඔබ කැදවාගෙන යන මාර්ග විස්තරයක් පෙන්නුම් කරයි. 

Maha Sathipattana Suthraya - Anapanasati Bhavana 1

මහා සතිපට්ඨාන සූත‍්‍රය - කායානුපස්සනාව (01 කොටස) - මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාවේ කායානුපස්සනාවට අදාළ කොටසෙහි ආනාපානසති භාවනාව පිළිබදව පුළුල් විග‍්‍රහයක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත.
Rs 350.00