Home

Out-of-Stock

Bauddha Sanskrutha Mulashshraya Adyanaya-1

Out-of-Stock
බෞද්ධ සංස්කෘත මූලාශ‍්‍රය අධ්‍යයනය - 1 - ලංකාවතාර සූත‍්‍රය, සාලිස්තම්භ සූත‍්‍රය ආදී මහායාන සූත‍්‍ර නවයක සංස්කෘත අක්‍ෂර වලින් යුතු පෙළ ද ඒවායෙහි අර්ථ කථනයන් හා විස්තර විවරණය ද සහිත අගනා ග‍්‍රන්‍ථයකි.  
Out-of-Stock

Mahayanaya

Out-of-Stock
 මහායානය - "මහායානය" ග්‍රන්ථය විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වන ශාස්ත්‍රීය නිබන්ධනයකි.
Out-of-Stock

Mahayana Mathavada Wimarshana

Out-of-Stock
මහායාන මතවාද විමර්ශනය -  සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය, ආර්ය ලංකාවතාර සූත‍්‍රය ආදී මහායාන ග‍්‍රන්‍ථවල සඳහම් දහම් කරුණු හා ථෙරවාදී බුදු දහමේ සඳහන් කරුණු විස්තර කරමින් කෙරෙන තුලනාත්මක විස්තරයකි. 
Out-of-Stock

Thera Rachana

Out-of-Stock
 ථෙර රචනා - මහ ඇදුරු වල්පොළ රාහුල මහතෙරුන් විසින් රචිත ශාස්ත‍්‍රීය ලිපි සරණියකි. බටහිර ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වීම හා ඒ හා සම්බන්ධ ඓතිහාසක කරුණු පිළිබඳවත්, සෙන් බුදුදහමේ ප‍්‍රායෝගික භාවනා කමටහන් පිළිබඳවත් ථෙරවාදී හා මහායාන දර්ශනයන් හි  මුලික සංකල්ප කිහිපයක් පිළිබඳවත් තුලනාත්මක විග‍්‍රහයක් මෙමගින් සිදු කොට ඇත.  

Deviyan Yakshayan Saha Papi Maraya

දෙවියන්, යක්ෂයන් සහ පාපී මාරයා - නිවන් මගේ ගමන් කරන ශ‍්‍රාවකයන්ට හිරිහැර බාධා ඇති කරන පාපී මාරයා යනු කවුරුන්ද? මාරයාගේ ග‍්‍රහණයට හසුවන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන්නේ කෙසේද? මාර සේනාව යනු කවුරුන්ද? ආදී කරුණු පමණක් නොව සීල, සමාධි, ප‍්‍රඥා දියුණු කොට මාර වසගයෙන් මිදී නිවන් අවබෝධය කරා යන ආකාරය ඉතා පැහැදිලි අයුරින් මෙම ග‍්‍රන්ථය තුළින් පෙන්වා දී ඇත. 
Rs 680.00
Out-of-Stock

Bauddha Deva Sankalpaya

Out-of-Stock
බෞද්ධ දේව සංකල්පය - සරල අන්දමින් කරුණු ගෙනහැර දක්වමින් ඉතා ගැඹුරු ප්‍රශ්න පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සකස් කොට තිබේ. අධ්‍යාත්මික පාරිශුද්ධිය පසෙකලා ආත්මවාද ඊශ්වරවාද ආදී ලාමක දෘෂ්ටි පෙරදැරි කොට ඇතැම් ගිහි බෞද්ධයන් අධික වශයෙන් නොයෙකුත් දෙවි දේවතාවුන් ඇදහීමට ඇබ්බැහිවෙගෙන එන සමයක ඉතාමත් කාලෝචිත අන්දමින් බුදුදහම අනුව දේව සමුහයාගේ නියම තත්ත්වය වටහාදීමට මෙම පොත මහෝපකාරී වේ.
Out-of-Stock

Pali Attakatha Sahithya

Out-of-Stock
පාළි අට්ඨකථා සාහිත්‍යය - සිංහල සාහිතයයේ දියුණුවට මග පෑදී ඇත්තේ පාලි සාහිත්‍යයෙන් බව පෙනේ.  සිංහල සාහිත්‍යයේ දක්නට ලැබෙන බොහොමයක් පොත්පත් පාලි බෞද්ධ සාහිත්‍යයට අයත් ඒවාය. අට්ඨකථාවෝ ද ඊට අයත් ය. එම අට්ඨකතාවන් පිළිබඳ ව වැදගත් තොරතුරු රාශියක් මෙම පොතට ඇතුළත් වී තිබේ. උසස් විභාග සඳහා ඉතිහාසය සහ සිංහල යන විෂයයන් හදාරන සිසුන්ට අතිශය ප‍්‍රයෝජනවත් පොතක් ලෙස මෙය හැදින්විය හැක. විශේෂයෙන් මෙහි අට්ඨකථාවන් සහ ඒ හා බැදුණු පාලි සිංහල සංස්කෘත පොත් සම්බන්ධ ව කෙරෙන විමර්ශනයන් සිසුන්ට මෙන් ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අයට ද අතිශය වැදගත් වේ. 
Out-of-Stock

Sanyuktha Nikaye Kosala Sanyukthaya

Out-of-Stock
සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය - බුදු දහමෙහි ඉගැන්වෙන දාර්ශනික මනෝවිද්‍යාත්මක හා ආචාර විද්‍යාත්මක කරුණු ඇතුළත් ත‍්‍රිපිටක සාහිත්‍යයේ ඇති විශාලතම කෘතිය, එනම් සූත‍්‍ර 7762 සමන්විත සැකසුම සංයුක්ත නිකායයි. ප‍්‍රාචීන ප‍්‍රාරම්භ විභාගය සඳහා නියමිත සියලූම සූත‍්‍ර වලින් සහ පදගතාරථ භාවාර්ථ සහ ගැටපද විවරණයකින් ද යුතු ව සැකසුණු මෙම ග‍්‍රන්ථය සාරගර්භ හැ`දින්වීමකින් ද පෝෂිත ය. 

Kuddakanikaya Suththa Nipathaye Uragavargaye

 ඛුද්දක නිකාය සුත්ත නිපාතයේ උරගවර්ගයේ පෙළ (පදාර්ථ භාවාර්ථ) - උරග, ධනිය, ඛග්ග විසාණ, කසීභාරද්වාජ, චුන්‍ද, පරාභව, වසල, මෙතන, හෙමවත, ආළවක, විජය, මුනි සූත‍්‍රයන්හි පෙළ, පදගතාර්ථය හා භාවාර්ථ ඇතුළත් පොතකි. 
Rs 600.00

Palipatamanjari - Prathama Bhagaya

පාළිපාඨමඤජරී - මූලික පිරිවෙන්හි නව විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති මෙම පොත බොහෝ සෙයින් දුර්ලභ ගණයේ පොතකි. පාළි භාෂාව හැදෑරීම පහසු කරවීම සඳහා ලියැවුණු මෙහි පාළි කොටස මෙන් ම එහි සිංහල අර්ථ කථන ද ඉතා සරල ලෙස ලියැවී තිබේ. විද්‍යාර්ථයන්ගේ දැනුම තහවුරු කිරීම සඳහා සැකසුණු අභ්‍යාස ප‍්‍රශ්න මාලාවලින් ද මෙය පරිපූර්ණ ය. සමහර පාළි වචන සඳහා ඉංග‍්‍රීසි අර්ථයන් ද දක්වා ඇත.  
Rs 500.00
Out-of-Stock

Jathakatthakatha - Kulavaka Wargaya

Out-of-Stock
ජාතකට්ඨකතා (කුලාවක වර්ගය) - කුලාවක, වට්ටක, තිත්තිර, බක, ඛදිරඞිගාර යන ජාතක කථාවන්හි පෙළ, පදගතාර්ථ සහ භාවාර්ථයන්ගෙන් යුතු පොතකි.
Out-of-Stock

Samanthakutawannana

Out-of-Stock
සමන්තකූට වණ්ණනා - බුදු සිරිපා සලකුණ සමනොලගිර තැබීම සම්බන්ධ ඓතිහාසික කථා පුවත රැගෙන එන කාව්‍ය සංග‍්‍රහයකි. පැරණි වූද සම්භාවනීය වූද, කාව්‍ය රසයෙන් අනූන වූ පාලි කාව්‍යයකි. ප‍්‍රාචීන මධ්‍යම විභාගයට නියමිත මෙම පොත ඉගෙන ගන්නා අයට සිතුමිණකි. ඉතිහාසයට මඟ පෙන්වන්නකි. පෙළ, අන්වය, පදගතාර්ථ සහ විස්තර විවරණය සහිතය. 
Out-of-Stock

Prathya Shathakaya

Out-of-Stock
ප්‍රත්‍යය ශතකය - මෙම කෘතිය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද අන්තර්ගතව නොයෙක් සංස්කෘත පොත්වලින් උපුටා ගන්නා ලද ශ්ලෝකයන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි.
Out-of-Stock

Anuruddha Shathakaya

Out-of-Stock
අනුරුද්ධ ශතකය - සංස්කෘත විෂයය හදාරණ පිරිවෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදිත මෙම කෘතිය නාගර අක්ෂර, සිංහල පෙළ හා පදගතාර්ථයන්ගෙන් ද සමන්විතය.

Kathamurthaya

කතා මෘතය - මෙම කෘතිය පාඨශාලාවන්හි උසස් පන්තිවලට ත‍්‍රිපිටකයේ සදහන් ‘‘පූතිමුත්ත භේසජ්ජය’’ නම් ප‍්‍රතිකාර ක‍්‍රමය ගැන ලියැවුණු සුවිශේෂී කෘතියකි.
Rs 435.00
Out-of-Stock

Daatavansa Wanarathna Wiyakya

Out-of-Stock
දාඨාවංස (වනරතන ව්‍යාඛ්‍යා) - දඹදිව සිට ශ‍්‍රී ලංකාද්වීපයට දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම සහ ඉන්පසු ව රජවරුන් සුරක්‍ෂිත ව ආරක්‍ෂා කළ ආකාරය, පරසතුරු උවදුරු, ඓතිහාසික හා ආගමික වැදගත්කම ආදිය ඇතුළත් කළ වටිනා පැරණි බණ පොතකි. වංසට්ඨ, මාලිනි, ශාර්¥ල, වික‍්‍රීඩිතාදි චිත්තාකර්ෂණීය වෘත්තවලින් පරිපූර්ණ ය. බුද්ධ ප‍්‍රාතිහාර්යන්ගෙන් සමලංකෘතය, බෞද්ධ ශාසනික ඉතිහාසයෙන් පෝෂිත වූ වටිනා ග‍්‍රන්ථයකි. 

Saddhammopayanaya

සද්ධම්මොපායනය - ශ්‍රී ලාංකික බෞද්ධ ඉතිහාසයේ අද්විතීය වැදගත්කමක් හිමි වන අභයගිරි සම්ප්‍රදායට අයත් සේ සැලකෙන "සද්ධම්මෝපායනය" ඓතිහාසික, දාර්ශනික හා අචාරාත්මක ආදී විවිධ අංශයන් පිළිබඳ ඉතා වැදගත් මුලාශ්‍රයකි. දීර්ඝ ප්‍රස්තවනවකින් ද සමන්විත ව පෙළ හා සිංහල සන්නයක් ද සහිතව පුජ්‍ය පල්ලේගම සමිත හිමියන් විසින් සංස්කරණය කර ඇති මෙම ආධුනිකයන්ට මෙන් ම විද්වතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 300.00
Out-of-Stock

Ellu Sandas Lakuna

Out-of-Stock
එලු සදස් ලකුණ - සිංහල විෂයය යටතේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි.
Out-of-Stock

Samanthapasadika Nam Wu Winayattakatha Bahira Nidana Wannana

Out-of-Stock
සමන්ත පාසාදිකා නම් වූ විනයට්ඨ කථා (බාහිර නිදාන වණ්ණනා) - සෑම අයුරකින් ම හාත්පස ප‍්‍රසාදය උපදවන හෙයින් සමන්තපාසාදිකා නම් වූ මෙම මා හැඟි වටිනා ග‍්‍රන්ථය විනය පිටකයට ලියන ලද අටුවාවයි. බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා විනය අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් එය සිදු වූ ආකාරය හා ඊට උපස්ථම්භක වූ ප‍්‍රථම ධර්ම සංගායනාව ගැන විස්තර මෙම පොතට ඇතුළත් වේ. 

Pali Nama Waranagilla

පාලි නාම වරනැගිල්ල - පාලි භාෂාව ඉගනීමට පටන් ගන්නා ආධුනිකයා පළමුවෙන් ම අත්පොත් තබන්නේ පාලි වරනගිල්ලෙනි.  කච්චායන ව්‍යාකරණ ක්‍රමය පුහුණුව පිණිස පුහුණුව පිණිස පළමුවෙන් භාවිත කල යුත්තේද මෙයයි. බාලාවතාරය ඇසුරු කොටගෙන මෙය ගොඩනගා ඇත. මෙහි පාලි නාමපද මාලා, ආඛ්‍යාත පදමාල ඇතුලත්ය.
Rs 650.00

Brahmanasanyuththan

බ්‍රහ්මණසංයුත්තං - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නිර්දිෂ්ට සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තය, පදගතාර්ථ, ගැටපද විවරණය, භාවාර්ථ සහිත ව සම්පාදනය කර ඇත.
Rs 630.00

Panchathanthra - Mithrasamprapthi

පඤ්ච තන්ත්‍ර - මිත්‍ර සම්ප්‍රාප්ති - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත් වන විද්‍යාර්තීන්ගේ අධ්‍යයනය සදහා නාගර අක්‍ෂර, විචාර, පදගතාර්ථ, අර්ථ විවරණය හා ව්‍යාකරණ විවරණය සහිතව සංස්කරණය කරන ලද්දකි. 
Rs 1,100.00

Hithopadeshaya (Mithralabhaya)

හිතෝපදේශය (මිත‍්‍රලාභය) - නාගර පෙළ, සිංහල පෙළ, පදාර්ථ, පාඨ විවරණ, සිංහල අනුවාදය සහිතව සම්පාදනය කර ඇති මෙම කෘතිය පිරිවෙන් විභාගයන් සදහා පෙනී සිටින විද්‍යාර්ථීන්හට ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 460.00
Out-of-Stock

Sanskrutha Praweshaya

Out-of-Stock
සංස්කෘත ප‍්‍රවෙශය - සංස්කෘත ව්‍යාකරණ විධි සංස්කෘත භාෂාවෙන් මෙන් ම සිංහල භාෂාවෙන් ද පැහැදිලි කරන මෙම ග‍්‍රන්ථය සංස්කෘත - සිංහල කෘදන්ත පද ශබ්දකෝෂයකින් ද යුක්ත ය. 

Panchathanthraya Aparikshithakarakaya

පඤ්චතන්ත‍්‍රය අපරීක්‍ෂිතකාරකය - ප‍්‍රාචීන විභාග සදහා නිර්දේශිත මෙම කෘතිය නාගර අක්ෂර සහ ව්‍යාඛ්‍යාව ද සහිතව සම්පාදනය කරන ලද්දකි.
Rs 340.00
Out-of-Stock

Hela Sannaya Sahitha Balawatharaya

Out-of-Stock
බාලාවතාරය - මේ පෙළ පොතෙහිද සූත්‍ර පාඨ කළු අකුරින් යොදා ඇති අතර පාඩම් කිරීමේ පහසුව පිණිස වැකි ගොනුකොට ඇත. සන්නයෙහි දැක්වෙන සිරස්තල පිටු අංක සහිතව පෙළෙහි ද නිසි තැන යොදා ඇත්තේ සන්නයෙහි අදාළ තැන සොයා ගැනීමේ පහසුව පිණිසයි.
Out-of-Stock

Balavathara Dipani

Out-of-Stock
බාලාවතාර දීපනී - බාලාවතාරය පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. පිරිවෙන් සිසුන් මෙම ග්‍රන්ථය වචෝද්ග්‍රහණය කල යුතු අතර එහි අඩංගු ව්‍යාකරණ ලක්ෂණ ඉගන ගත යුතුය. මෙම පොතෙහි විශේෂත්වය වන්නේ වෙන වෙනම උදාහරණ වශයෙන් ව්‍යාකරණ ලක්ෂණ පැහැදිලි කිරීමයි. පාලි ව්‍යාකරණ ඉගනීම සඳහා වඩාත් උපයෝගීතාවයෙන් යුතු ග්‍රන්ථයකි.

Sarala Sanskruthashikshakaya 2

සරල සංස්කෘත ශික්ෂකය 2 - මෙය සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ දෙවැන්නයි. සකුව හදාරණ ආධුනිකයන්හට සරල මගකින් එය ඉගැන්වීම සදහා සකස් කරන ලද්දකි.
Rs 840.00

Sanskrutha Dviteeyadharshi Wanarathna Wayakkhaya

සංස්කෘත ද්විතීයාදර්ශ වනරතන ව්‍යාඛ්‍යා - සංස්කෘත පදයක් පාසා සිංහල අර්ථ සපයමින් ශිෂ්‍යයන්ට වැඩි ප‍්‍රයෝජනයක් ලබා ගත හැකි සේ මෙය සකස්කර ඇත. සංස්කෘත භාෂාව ඉගෙනීම සඳහා නැතුවම බැරි පොතකි. ප‍්‍රථමාදර්ශයෙන් සංස්කෘත භාෂාව හැදෑරීම ආරම්භ කළ අයට එය තව දුරටත් ඔප මට්ටම් කර වර්ධනය කර ගැනීම සඳහා මෙම ද්විතීයාදර්ශය භාවිතයට යොදා ගත හැක.
Rs 325.00

Sanskrutha Prathamadharshi Wanarathna Wayakhaya

සංස්කෘත ප‍්‍රථමාදර්ශ (වනරතන ව්‍යාඛ්‍යා) - පිරිවෙන් අධ්‍යාපනය හා ආයුර්වේද ඞී.ඒ. පරීක්ෂණයට සූදානම් වන අයට අත්‍යවශ්‍ය කෘතියකි. මෙහි සඳහන් කථාවල සංස්කෘත ශබ්ද සිංහල අකුරින් දක්වා ඇති බැවින් නාගර අකුරින් මුද්‍රිත ප‍්‍රථමාදර්ශය ද මේ සමග ගළපාගෙන අධ්‍යයනය කළ හැක. සංස්කෘත භාෂාව ඉගෙනීීමට අපේක්ෂිත අයගේ ප‍්‍රථම ආරම්භක පොත වශයෙන් මෙම පොතට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. 
Rs 375.00

Sanskrutha Baladarsha Wayakhayava

සංස්කෘත බාලාදර්ශ ව්‍යාඛ්‍යාව - සංස්කෘත අක්ෂර මාලාව ද ඒවාට ඉස්පිලි පාපිලි ඇලපිලි යොදන අන්දම ද, ස්වර හා ව්‍යඤ්ජන සෑදෙන ආකාරය ද සංස්කෘත පදයක් පාසා සිංහල අර්ථ සහිත රචනාවන් ද මතකය අලූත් කර ගැනීමට සුදුසු අබ්‍යාසයන්ගෙන් ද යුතු පොතකි. 
Rs 490.00

Warnareethiya

වර්ණරීතිය - සංස්කෘත වර්ණාවලියත් ඒවා යොදන ආකාරයත් උගන්වන වර්ණ රීතියත් එසේම සිංහල අර්ථ සහිත ‘‘නාමාෂ්ට ශතකය’’ හා ‘‘නවරත්නය’’ යන පොත් දෙක මෙයට යාකර තිබේ. 
Rs 125.00