Meditation

Awabodayata Avashya Shraddha Bhavanava

ශ්‍රද්ධා ඉන්ද්‍රිය හොඳින් වඩා ගැනීම තුලින් සෝවාන් වීමේ  පසුබිම සකස් වන බවත් , ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල වූ ශ්‍රද්ධාව ඇතිවීමෙන් අරිය කාන්තා ශීලය වැඩීමද සිදු වෙයි. එහෙයින් ශ්‍රද්ධාව ඇතිකරගැනීමේ පදනම පදනම සකස් කිරීම සඳහා වූ කරුණු රැසක් මෙයින් ඉදිරිපත් කරනු ලබයි..
Rs 450.00

Sathiya Saha Bhawanawa

සතිය සහ භාවනාව - අවධි අවධානයෙන් යුක්ත නුවණ භාවනාවට පමණක් නොව, දෛනික ජීවිතයේ හැම කටයුත්තකට ම යොදාගත යුතුය. එය ක‍්‍රියාවට නගන ආකාරයත් ඉන් ලැබෙන මහගු පලත් මේ කෘතියෙන් මනාව පැහැදිලි වේ. 
Rs 250.00
Out-of-Stock

Sathipattana Bauddha Bhawanawe Hadawatha

Out-of-Stock
සතිපට්ඨාන බෞද්ධ භාවනාවේ හදවත - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සතිපට්ඨාන සූත්‍රයෙහි ඇති ගැඹුරු හා පුළුල් වූ විශේෂ වැදගත්කම් කෙරෙහි අවධානය යොමු කරමින්, එහි සදහන් ඉගැන්වීම් අවබෝධ කරගැනීමට හා ප්‍රායෝගිකව ඒවා භාවිතයට ගැනීම සදහා අවශ්‍ය මූලික උපදෙස් ලබාදීමක් මෙම කෘතිය මගින් සිදුකෙරේ. 

Buduradun Penvu Vimukthi Margaya

බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය - ''The Buddha's Path To Deliverance'' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන මෙය තෝරාගත් සූත්‍රපාඨ වල සදහන් පාලි බුද්ධ වචන උපයෝගී කරගනිමින් මෙම ග්‍රන්ථය සරල බසින් පැහැදිලි කරදුන් අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 550.00

Ma Kawda?

මා කවුද? බෞද්ධ භාවනාව සදහා අත්වැලකි - ''Who is My Self'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බෞද්ධ භාවනාව සදහා මගපෙන්වීමක් ලෙස සම්පාදනය කර ඇති අතර ස්වයං අනන්‍යතාව සහ විඤ්ඤාණය පිළිබද බෞද්ධ චින්තනය බුදු වදනින්ම පැහැදිලි කර දක්වයි. 
Rs 750.00

Bhawanawa

භාවනාව - ''Meditation'' නමැති කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය පාඨකයා තුළ භාවනාව පිළිබදව ඇති දුර්මත දුරැලීම සදහාත්, භාවනානුකූලව එදිනෙදා ජීවිතය ගතකොට නිවන් මගට අවතීර්ණ වීම සදහාත් මෙම අගනා කෘතිය බෙහෙවින්ම උපකාරී වනු නිසැකය. 
Rs 500.00

Sathimathbawa Athi Balasampannai

සතිමත්බව අතිබල සම්පන්නයි - ''The Power Of Mindfulness'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති සතිපට්ඨාන විධි ක‍්‍රමයෙහි ඵලදායිකත්වය විදහා දක්වමින් එය පැහැදිලි කරදෙනු ලබයි. 
Rs 150.00
Out-of-Stock

Wadunu Sithaka Vismitha Pada

Out-of-Stock
වැඩුණු සිතක විස්මිත පාද -  සතර ඉර්ධිපාද, ධාතු මනසිකාර භාවනාව, සතිපට්ඨාන භාවනාව ගැන දතයුතු දේ සප්ත බොජ්ඣංග, අවිජ්ජා සූත‍්‍රය නමැති දහම් මාතෘකා පහක් පිළිබදව දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද දේශනා ආශ‍්‍රයෙන් මේ සදහම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Out-of-Stock

Siri Sadaham Sayura Hevath Avabodayen Yuthuva Bhavana Karana Kramaya

Out-of-Stock
සිරි සදහම් සයුර හෙවත් අවබෝධයෙන් යුතුව භාවනා කරන ක‍්‍රමය - භාවනාව පුහුණු කරන්නන් විසින් අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණු ඇතුළත් මේ සදහම් ග‍්‍රන්ථය ගෙදරම වැඩසිටින භාවනා ගුරුවරයෙකි. නිවන් මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි. 
Out-of-Stock

Buddhimathun Ya Yuthu Maga - Ama Dahara

Out-of-Stock
අමා දහර - සතිපට්ඨානය ගැන දතයුතු දුර්ලභ වූ කරුණු වලින් ආලෝකමත් වී ඇති මෙම පොත ගෙදරම වැඩ සිටින භාවනා ගුරුවරයෙකි. 

Sundara Wu Nivan Maga 03

සුන්දර වූ නිවන් මග - 3 - මෙහි විස්තර කර ඇත්තේ ධාතු මනසිකාර භාවනාව ගැනය. මෙම භාවනාව ඉතා පහසුවෙන් පුරුදු පුහුණු විය හැකිය. මෙම භාවනාව තුළින් බොහෝ ලෞකික ලෝකෝත්තර ප‍්‍රතිඵල ලබාගත හැකිය. මේ සදහම් ග‍්‍රන්ථය ඒ සදහා මගපෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි. 
Rs 150.00

Budu Dahamehi Hadawatha Bhawanawai

බුදු දහමෙහි හදවත භාවනාවයි -  අජාන් බ‍්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ විසින් කරන ලද දේශන ඇසුරෙන් සම්පාදිත මෙම අගනා කෘතිය තුළින් ඉදිරිපත් කර ඇත්තේ, ප‍්‍රථම ධ්‍යාන තත්ත්වය තෙක් භාවනාව දියුණූ කිරීමේ සත් පියවරකින් යුත් භාවනා ක‍්‍රමයකි. 
Rs 350.00

Bhawanawata Athwalak

භාවනාවට අත්වැළක් - දමනයට මෙන්ම දැකීමට අපහසු සිත සන්සුන් කොට පවත්වා, භාවනාවට උචිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය මේ ග‍්‍රන්ථය මගින් විස්තර කරන අතර, භාවනාවේදී අනුගමනය කළ යුතු ක‍්‍රම උපායන් දෛනිකව සිදු වන සංසිද්ධීන් සමග සසදමින් විචිත‍්‍රවත් ලෙස කමටහන් ලබා දේ. 
Rs 200.00

Nihada Bawe Pragnawa

නිහඩ බවේ ප‍්‍රඥාව - ඉන්‍ද්‍රීය ධර්මයන් හා පරිබාහිර වස්තූන් පිළිබද ඇලීමේ ආදීනව ඒ පිළිබද මිනිස් සිත යොමු කරවන නීවරණ ධර්මයන්ගේ ක‍්‍රියාකාරීත්වය නීවරණයන්ගෙන් සිත මුදවා සතියෙහි පිහිටු වීම මේ මොහොතේ පවත්වන සතිමත් බවෙහි, භාවනාවෙහි තිරතිශය වැදගත්කම පිළිබද මෙම ග‍්‍රන්ථය මගින් විස්තර කර ඇත.
Rs 225.00
Out-of-Stock

Anapana Sathi Suthraya

Out-of-Stock
ආනාපානසති සූත‍්‍රය - හුස්ම උපයෝගී කරගෙන භාවනාව දියුණු කරගන්නා ආකාරය ආනාපානසති සූත‍්‍ර දේශනයට අනුව මෙහිලා සංග‍්‍රහ කොට ඇත. භාවනාව තුළින් ප‍්‍රතිඵල ලබන ආකාරයත් එහි ඇති සියුම් බවත් විදර්ශනා ඥාණය දක්වා භාවනා ක‍්‍රියාවලිය ක‍්‍රමාණුකූලව දියුණු කරගන්නා ආකාරයත් මින් විස්තර කෙරේ.

Nisala Vila

නිසල විල - ''Still Forest Pool'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය අචාන් චා හිමියන්ගේ දේශනාවල එකතුවකින් සම්පාදනය කරන ලද්දකි.
Rs 275.00

Podi Hamuduruwange Bhawana Satahan

පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - සෝවාන් ඵලයට පත් පොඩි හාමුදුරුනමකගේ අත්දැකීම් වලින් පිරුණු මේ කෘතිය තෙවසරක් පුරා කොටස් වශයෙන් ලේක්හවුස් ආයතනයේ නමස්කාර සගරාවේ පළ විය. 
Rs 650.00

Vidarshana Bhawana

විදර්ශනා භාවනා - විදර්ශනා භාවනා නැමති මේ කුඩා ග‍්‍රන්ථය පූජ්‍ය ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ, කුරුණෑගල ගුරු මාතාවක් සමග කළ ධර්ම සාකච්ඡාවක වාචික වාර්තාවකි. සාකච්ඡාවට විෂය වන්නේ යථාවබෝධය ලබන්නේ කේසේදැයි එම මෑණියන් නැගූ ප‍්‍රශ්නයයි. මුළු සාකච්ඡාවම විදර්ශනා භාවනාවක ස්වරූපය ගනී.
Rs 200.00
Out-of-Stock

Dhayanayata Maga Soyamu

Out-of-Stock
ධ්‍යානයට මග සොයමු - භාවනා සිතුවිලි 02 - චිත්ත නිමග්නතාවය නොහොත් ධ්‍යාන සමාධිය ලබා ගැනීම සහ එමගින් ආවරණය වූ සත්‍යය දැකීම සදහා භාවනාව යොදාගන්නා ආකාරය පිළිබදව ඉගැන්වීම් සමුදායක් මෙහි අන්තර්ගත වේ. 

Bhawana Deepaniya

භාවනා දීපනිය - ලොව පවත්නා විවිධ භාවනා ක‍්‍රම පිළිබදව දිනමිණ පුවත්පතෙහි පළ වූ ලිපි මාලාවක් ආශ‍්‍රයෙන් සම්පාදනය කළ වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 840.00

Sadaham Mage Yamu Mese

සදහම් මගේ යමු මෙසේ - පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා කීපයක් ඇසුරෙන් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 320.00
Out-of-Stock

Sundara Diviyata Vidasun Bhawana

Out-of-Stock
සුන්දර දිවියට විදසුන් භාවනා - මේ සදහම් ග‍්‍රන්ථයේ ඉතා සරල, පැහැදිලි භාෂාවකින් විදර්ශනා භාවනාව ගැන සදහන් වෙයි. මෙහි ඇති භාවනා ක‍්‍රමය ජීවිතයට එකතුවන විට ඔබගේ ජීවිතය සුන්දරත්වයෙන් පිරී යයි. දිනෙන් දින ධර්මාවබෝධය වෙත ළගා වෙයි. ගෞතම බුදු සසුන තුළ මග - ඵල ලැබීමේ වාසනාව උදාවෙයි. 

Sundara U Niwan Maga 2

සුන්දර වූ නිවන්  මග - 2 - මේ සදහම් ග‍්‍රන්ථයේ ඉතා සරල බසින් සතර සතිපට්ඨානයට අයත් වේදනානුපස්සනාව විස්තර කර ඇත. එය සෑම භාවනා යෝගියෙකු විසින්ම ඉගෙන ගත යුතුය. මතකයේ රදවා ගත යුතුය. එවිට ඔබ සුන්දර වූ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙකු වේ. මෛත‍්‍රී භාවනාව තුළින් අධිමානසික හැකියාවන් උපදවා ගන්නා ආකාරය ද මෙහි විස්තර කර ඇත. 
Rs 220.00
Out-of-Stock

Buduguna Bavanava Ha Maithree Bhavanava

Out-of-Stock
දකිමු අරිහත් මුනිදු මෙලෙසින් වඩමු උත්තම මෙත් බවුන් -  බුදුගුණ භාවනාව හා මෛත‍්‍රී භාවනාව සම්බන්ධයෙන් පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් මේ සදහම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 

Bhavana

ධර්මාවබෝධය ලබන මග භාවනා -  මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් ඉතා විස්තරාත්මක ලෙස කායගතාසති භාවනා, ආනාපානසති භාවනාව, ඉරියාපථ භාවනාව සහ සතිසම්පජඤ්ඤ භාවනාව යන භාවනාවන් ප‍්‍රායෝගික ජීවිතය තුළ දියුණු කරගන්නා ආකාරය සරල බසින් පහදා දී ඇත.   
Rs 850.00

Savigngnanaka Bhawanawa

සවිඤ්ඤාණක භාවනාව - බුරුම ජාතික ප‍්‍රකට භාවනාචාර්ය තෙරුන් වහන්සේ නමක වූ අෂීන්තේජනීය හිමියන් යෝගාවචරයකුගේ භාවනා ගැටලූ නිරාකරණයට දෙන උපදෙස් හා අවදි අවධානයෙන් යුක්තව භාවනාකොට ලබන චිත්ත සමාධිය තුළින් ප‍්‍රඥාව මුවහත් කරගන්නා ආකාරය මැනවින් විග‍්‍රහ කෙරෙන සදහම් ග‍්‍රන්ථයකි. මෙය Awareness Alone Is Not Enough  නැමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 380.00

Aduren Eliya Kara (Kayanupassana Bhavana)

අදුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා -  සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ආනාපානසති භාවනාව, ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, නවසීවථික භාවනාව, අසුභ භාවනාව, අට්ටිකසංඥා භාවනාව පිළිබදව මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරින් ඉතා විස්තරාත්මකව සරල බසින් පහදා දී ඇත. 
Rs 590.00

Kayagatha Sathi Bhavana

කායගතාසති භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළ කායගතාසති භාවනාව නම් වූ නිවන පිණිස උපකාර වන සතර සතිපට්ඨානයට අයත් එම භාවනාව, නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතාමත් සරල බසින් විස්තරාත්මක ලෙස පහදා  දී ඇත.
Rs 380.00

Ruvaka Mahima

රුවක මහිම - ඉතා සරල බසින් සතර සතිපට්ඨානයට අයත් කරුණු විස්තර කර ඇති මේ සදහම් ග‍්‍රන්ථය ගෙදරම වැඩ සිටිනා භාවනා ගුරුවරයෙකි. 
Rs 260.00

Iriyapatha Bhavana

ඉරියාපථ භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතා සරල බසින් විස්තරාත්මකව පහදා දී ඇත.
Rs 320.00