Dengu Rogayen Obe Daruva Bera Ganimu
Meditation
There are 313 products.
Vidarshana Gnaa Margaya Ha Gothrabuu Gnaya
විදර්ශනා ඥාන මාර්ගය හා ගෝත‍්‍රභූ ඥානය - සෑම දෙනාගේම ජීවිත ප‍්‍රමුදිත කරගැනීමට, ආලෝකවත් කර ගැනීමට විදර්ශනා ඥාන ඉතා සරලව මෙම කෘතියෙන් විග‍්‍රහකර තිබේ.
Rs 295.00
Bhavana - Thai Maha Rahathan Wahanselage Saha Bharatha Yoginge Wishmitha Athdakiem
Out-of-Stock
භාවනා - බෞද්ධ භාවනා උපයෝගීත්වයෙන් ධූතාංග කමටහන් වඩා මාර්ග ඵල ලබා රහත් තත්වය උදාකර ගත් පූජ්‍ය ආචාර්ය අජාන් මුන්, අජාන් මහා බුවා, අජාන් චොබ්, කායිව් තෙරණිය ඇතුළු තායිලන්ත මහරහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් ඇතුළත් ඇදහිය නොහැකි තරමේ කතා රැසකින් සම්පාදනය වූ අගනා කෘතියකි.
Rs 280.00
Bauddha Bhavana Krama Saha Mano Chikithsawa
Out-of-Stock
බෞද්ධ භාවනා ක‍්‍රම සහ මනෝ චිකිත්සාව - බෞද්ධ භාවනා ක‍්‍රම සහ මනෝ චිකිත්සාව - මානසික සහනය, ආධ්‍යාත්මික දියුණුව හා සමාජ සහජීවනය යන කරුණු අරභයා බෞද්ධ භාවනාවෙන් ලැබිය හැකි උසස් ප‍්‍රතිඵල රාශියකි. මෙහි ඇතුළත් කරුණු මනා අවබෝධයකින් යුතුව තේරුම් ගැනීමෙන් හා ඒවා දෛනික ජීවිතයේදී ක‍්‍රියාවට නැංවීමෙන් එම ප‍්‍රතිඵල පෞද්ගලිකවම ලබාගත හැක.
Rs 300.00
Bauddha Bhawana
බෞද්ධ භාවනා - බෞද්ධ ජීවිතයකට අත්‍යවශ්‍ය භාවනා ක‍්‍රම, අත්දැකීම් හා කර්මස්ථානාචාර්ය උපදෙස් ද සහිතව සම්පාදනය කළ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි.
Rs 1,000.00
Sathipattanaya Thulin Sathuta Labamu
Out-of-Stock
සතිපට්ඨානය තුළින් සතුට ලබමු - ''Transformation And Healing'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය සතර ආකාරයෙන් සිහි කල්පනාව පවත්වා ගැනීම පිළිබදව කියාදෙන සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් සරල බසින් ලියැවුණු අගනා කෘතියකි.
Rs 250.00
Oba Sevu Bhavanamaya Amadahama
Out-of-Stock
ඔබ සෙවූ භාවනාමය අමාදහම - වසර 40 ක් පුරා භාවනාව පිළිබඳව ලැබූ අත්දැකීම් හා ගුරුහිමිවරුන්ගෙන් ලත් උපදෙස් ද අනුගමනය කරමින් ලියැවී ඇති මෙයින් නවකයන්ට ද භාවනාව ගැන උපදෙස් ලබාගත හැක. භාවනාව පදනම් කර ගනිමින් අනේක විධ හැඟීම් පාලනය කරගත හැකි බව ද එය විමුක්ති මාර්ගයකට යොමු වීම සඳහා අතිශය ප‍්‍රයෝජනවත් වන බව ද මෙම කෘතිය තුළින් ධ්වනිත කර ඇත.
Rs 320.00
Widharshanavata Pahasu Magak
විදර්ශනාවට පහසු මගක් - ''Beginners Guide To Inside Meditation'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය විදර්ශනාව තුළින් විමුක්ති මාර්ගය සාක්ෂාත් කර ගන්නේ කේසේදැයි සරල බසින් විග්‍රහ කර ඇත.
Rs 500.00
Sansidunu Sitha
සන්සිදුණු සිත - මෙම පොතෙන් පෙන්වා දී ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුතුව සිත ශරීරය සමග එකඟ කිරීමෙන් සමාධිය හා ප‍්‍රඥාව වර්ධනය කර ජීවිතයට ප‍්‍රීතියක්, සැපයක් ලබා ගන්නා අන්දමයි. සන්හිදියාවක් ලබාගන්නා ආකාරයයි.
Rs 230.00
Aanapana Sathi Bhavana Widhi
ආනාපාන සති භාවනා විධි - දානයේදීත් සීලයේදීත් ලැබෙන ආනිසංස වලට වඩා මහත්ඵල මහානිසංස භාවනා කිරීමෙන් ලැබෙයි. පංච නීවරණ දුරුවෙයි. සිත එක අරමුණක පිහිටයි. ඒ ඒකාග‍්‍රතාවයි. එවිට සිතෙහි ධ්‍යාන, පංච අභිඥා, අෂ්ට සමාපත්ති පිළිවෙළින් මාර්ග ඵල නිවන් අවබෝධ වේ. ඒ නිසා දාන සීලාදී පිංකම්වලට වඩා භාවනාමය වූ පිංකම්හි යෙදීම අත්‍යවශ්‍ය දෙයකි.
Rs 350.00
Samatha Bhavana Widhi
නිවන් මාර්ගය උදෙසා මෙන්ම ලෞකික දියුණුව සහ කායික මානසික සුව සහනය සඳහාද භාවනාව අතිශය වැදගත් වෙයි. සමථ භාවනාව පිළිබඳවත් සම සතළිස් කර්මස්ථාන සහ එ්වා තෝරාගැනීම පිළිබඳවත් සියලූ විස්තර මේ කෘතියෙන් රූප සටහන් සහිතව විස්තර කෙරේ.
Rs 500.00
Me Athbawayedee ma...
මේ අත්බවයේදී ම.... - ''In This Very Life'' කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය සයාඩෝ උ පණ්ඩිතාභිවංස හිමියන් විසින් 1984 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් හි විපස්සනා භාවනා සමිතියේ දී පවත්වන ලද දේශන වල එකතුවකින් සැදුම් ලද්දකි.
Rs 700.00
Rs 400.00
Bauddha Moksha Margaya
බෞද්ධ මෝක්ෂ මාර්ගය - බුදු දහමෙහි පැනෙන සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිවිධ ශික්ෂාව පිළිබදව සියුම් මෙන්ම ගැඹුරු විවරණයකින් සම්පාදිත මෙම කෘතිය බුදු දහම පිළිබදවත් උනන්දුවක් දක්වන පාඨකයාට හස්තසාර ග‍්‍රන්ථයකි.
Rs 300.00
Meth Sisila Wapura Kopa Gini Nivalamu
Out-of-Stock
මෙත් සිසිල වපුරා කෝප ගිනි නිවාලමු - කෝපය නිසා ඇතිවන අහිතකර විපාක ගැනත්, සිහියෙන් සහ එළඹ සිටි නුවණින් යුතුව කටයුතු කිරීමෙන් කෝපය හ`දුනා ගන්නා අයුරුත්, ක්‍රෝධය යටපත් කළ හැකි ආයුධයක් වශයෙන් භාවිත කළ හැකි මෛත‍්‍රී භාවනාව ගැනත්, මෛත‍්‍රිය වැඞීමෙන් කෙනෙකුට ලද හැකි බොහෝ ප‍්‍රයෝජන ගැනත් සවිස්තරාත්මක ලියැවුණු කෘතියකි.
Rs 190.00
Rs 200.00
Samadhiye Preethiya
Out-of-Stock
සමාධියේ ප‍්‍රීතිය - ''සමාධි'' ය ගැන කරුණු විස්තර කර ඇති අත්පොත් වලට වඩා මේ පොත වෙනස් වෙයි. ප‍්‍රධාන වශයෙන්ම එකම ආචාර්යවරයෙකුගේ අදහස් හෝ දෘෂ්ටි කෝණයන් මෙහි දැක්වෙන්නේ නැත. ඒ වෙනුවට විවිධ පදනම් ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථයන් පිළිබද ඉදිරිපත් කිරීම් සහ සමාධිය පිළිබද විවිධ ඉගැන්වීම්, ගැඹුරින් පුළුල්ව, අංගසම්පූර්ණව පරික්ෂා කොට අදාළ මාතෘකාව පිළිබදව ඇති තර්ක, නොඑකගතා සහ මත සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි.
Rs 350.00
Nivan Maga Ha Bhavana Poorva Sadhanava
නිවන් මග හා භාවනා පූර්ව සාධනාව - අද අප බෞද්ධයන් බෝහෝ රෝගාබාධයන්ගෙන් පෙළෙයි. තරුණ පිරිස අතර ද අද ශාරීරික නිරෝගීබව බෙහෙවින්ම අඩුය. එවැනි තරුණ පිරිසට නිරෝගීව, පී‍්‍රතියෙන් හා සුවයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කරගනිමින් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වා ගැනීමට මෙම භාවනා පූර්ව සාධනාව මහගු දායාදයකි.
Rs 350.00
Sathipattana Bawana
Out-of-Stock
සතිපට්ඨාන භාවනා - සතිපට්ඨාන සූත‍්‍රය විදර්ශනා භාවනා මාර්ගයකි. එහි අන්තර්ගත වූ කොටස් අවසන් වන්නේ ද චතුරාර්ය සත්‍ය ධර්මයට යොමු වීමක් ලෙසය. විශුද්ධියට ඒකායන මාර්ගය ද වෙයි. එදිනෙදා ජීවිතයේ ගෙවී යන අසහනකාරී දෑ මෙන්ම අභියෝගයන්ට මනා පිටුවහලක් වේ. ”සතිපට්ඨාන භාවනා” නමැති මේ සදහම් ග‍්‍රන්ථය ඒ සදහා මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි.
Rs 150.00
Adhyathmika Lokayata Marga Sithiyama
Out-of-Stock
ආධ්‍යාත්මික ලෝකයට මාර්ග සිතියමක් - The Meditator's Atlas නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙයින් බෞද්ධ සාහිත්‍යයෙහි සම්භාවනීය ග‍්‍රන්ථයක් වන ”විසුද්ධි මග්ග” පොතෙහි සදහන් ”පාරිසුද්ධියට මග” වෙත ඔබ කැදවාගෙන යන මාර්ග විස්තරයක් පෙන්නුම් කරයි.
Rs 350.00
Maha Sathipattana Suthraya - Anapanasati Bhavana 1
මහා සතිපට්ඨාන සූත‍්‍රය - කායානුපස්සනාව (01 කොටස) - මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාවේ කායානුපස්සනාවට අදාළ කොටසෙහි ආනාපානසති භාවනාව පිළිබදව පුළුල් විග‍්‍රහයක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත.
Rs 350.00
Rs 100.00
Bhavanave Lalitha Kalava
භාවනාවේ ලලිත කලාව - ''The find Art of Relaxation, Concentration & Meditation'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් භාවනාව සදහා වන අවශ්‍යතාවයන් කුසලතා පූර්ණව ගොනුකර ඇත. විවිධ අභ්‍යාසයන් මගින් භාවනාව අපේ ජීවිතයට ළංකර ගන්නා ආකාරය විවරණය කර තිබේ.
Rs 375.00
Arahath Maga Arahath Phala
Out-of-Stock
අරහත් මග අරහත් ඵල - මෙම කෘතිය තායිලන්තයේ මෑත වකවානුවේ වැඩ විසූ අතිපූජ්‍ය ආචාර්්‍ය මහා බූවා ඤාණසම්පන්නෝ මහ රහතන් වහන්සේගේ ධර්ම දේශනා ආශ‍්‍රයෙන් සම්පාදනය කරන ලද්දකි. මෙය '' Arahattamagga Arahattaphala'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 250.00
Sathimathbava Wadema
සතිමත් බව වැඩීම - භාවනාව ඉගෙනීම හා භාවනාව ප්‍රායෝගිකව එදිනෙදා භාවිතය සදහා යොදාගැනීම කෙරෙහි සැබෑ උනන්දුවක් ඇති සෑම දෙනාම විසින් “සතිමත්බව වැඩීම” අත්පොතක් ලෙස භාවිත කළ හැක. මෙය ''Mindfulness in Plain English'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 450.00
Asahanayen Midi Sanasima Labiya Haki Hodama Kramaya
අසහනයෙන් මිදී සැනසීම ලැබිය හැකි හොදම ක්‍රමය - වඩාත් ඉහල මානසික මට්ටම් වෙත යොමු වීමට අදහස් කරන බෞද්ධ ජනතාවට ඔවුනේගේ වර්තමාන අවශ්‍යතාවය වන මානසික සැනසීම ලබාදෙන අතරම ඊට වැඩ උසස් මානසික මට්ටම් වෙත යොමු වීමට අවශ්‍ය මුලික දැනුමක් ලබා දීමට ද හැකි අගනා ග්‍රන්ථයකි..
Rs 240.00
Saya Palaka Athivana Sanyojan Dakinnata
සය පළක ඇතිවන සංයෝජන දකින්න - ද්වාර ආශ්‍රය කරගෙන සංයෝජන ඇතිවන ක්‍රමවේදයන් පිළිබඳ දැනීම එදිනෙදා ජීවිතයට ද තමන්ගේම විමුක්තිය උදෙසා ද බෙහෙවින් ම උපකාරී වේ. අප තුල ඇති ඉන්ද්‍රිය සයට ගෝචර වන විවිධ වූ අරමුණු මුල් කරගෙන බැඳීම් වර්ධනය වන ආකාරයමෙයින් දැක්වේ..
Rs 375.00
Vidarshana Bavama Kramaya
විදර්ශනා භාවනා ක්‍රමය - විදර්ශනාව යනු නිවන් දැකීමට වර්ධනය කර ගත යුතු භාවනා මාර්ගයයි. එබැවින් විදර්ශනා භාවනා ක්‍රමය වැඩි දියුණු කරන්නන් හට මෙ ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයකි. එහෙයින් බුදු දහමේ පරම නිෂ්ඨාව වූ නිවන් දැකීම සිදු කර ගත හැකි එකම මාර්ගය වූ විදර්ශනාව වැඩීමට උත්සාහ වන සැදැහැවතුන්ට විදර්ශනාව වැඩීම පිළිබඳ නිවැරදි අවබෝධය ලබා ගැන්මටත්, එම අවස්ථාවන්හි ඇතිවන ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමටත්, මෙම ග්‍රන්ථය තුළින් ලද හැකි උපකාරය අප්‍රමාණය.
Rs 470.00
Chaththalisakara Maha Wipassana Bhavanava
චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව - සමථ සහ විදර්ශනා යනු බුදු දහමේ ඉගැන්වෙන භාවන ක්‍රම දෙකකි. වර්තමානයේ සමාජයේ දැක ගත හැකිවන්නේ සිත සමාධිගත කිරීමට පමණක් යොදා ගන්නා භාවනා පුරුදු පුහුණු සැදැහැතියෙන් වේ. එහෙත් නිවන් දැකීම මූලික කර ගත් භාවනාව වන විදර්ශනාව වඩන්නවුන් අල්පය. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගේ ස්වභාවය කරුණු හතළිහකින් යුක්තව විස්තර කිරීමත් එය වඩනා අයුරු විස්තර කිරීමත් ඇති බැවින් දැනට විදර්ශනාව වඩන යෝගාවචරයන්ටත් භාවනාව පුරුදු පුහුණු කිරීමට බලාපොරොත්තු වන්නන්ටත් මෙය ඉතා වැදගත වේ.
Rs 370.00
Sathipattana Bhavana Kramaya
සතිපට්ඨාන භාවනා ක්‍රමය - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ කරුණු කොතෙකුත් තිබුන ද සතිපට්ඨාන භාවනාව ප්‍රමාණාත්මක ලෙස අවබෝධ කර ගත හැකි එකම ග්‍රන්ථය වන්නේ මෙම සතිපට්ඨාන භාවනා ක්‍රමය ග්‍රන්ථය වේ.
Rs 330.00
Budu Dahame Bhavana Krama
Out-of-Stock
බුදු දහමේ භාවනා ක්‍රම - වර්තමානය වන විට බුදු දහමේ බොහෝ කොටස් (දහම් කරුණු) විකෘති කෙරෙමින් පවතී. 'භාවනා' විෂයට ද එය එසේම ය. නොයෙක් වෙනත් භාවනා ක්‍රම භාවනා උපදෙස් ආදියෙන් මිශ්‍ර වී බෞද්ධයින්ට තම දහමේ නියම භාවනා ක්‍රම හා උපදෙස් හරිහැටි හඳුනා ගැනීමට නොහැකි තරමට මිශ්‍රව කිලිටිව පවතී. ඒවා හඳුනාගෙන නියම බෞද්ධ භාවනා විධි තෝරා ගැනීමට පහසු කරවීම සඳහා මෙය අත්පොතක් වනු ඇත.
Rs 275.00
Samatha Vipassana Bhavana Margopadeshaya
Out-of-Stock
සමථ විපස්සනා භාවනා මාර්ගොපදේශය - බෞද්ධ භාවනා සම්ප්‍රදාය විවිධ අරමුණු ඔස්සේ ගිය ව්‍යාකුල ක්‍රමයක් බව පැහැදිලිය. භාවනාවේ නියුතු වන ඇති බහුතරයක් දෙනා විවිධ ගුරු උපදේශ නිසා නොමග යයි. එහෙයින් විදර්ශනා භාවනාවට නිවැරදිව අවතීර්ණ වන ආකාරයත්, සමථ භාවනාවෙන් විදර්ශනාවට පිවිසෙන ආකාරයත් මෙමගින් පැහැදිලි කරනු ලැබේ..
Rs 270.00
Sathara Kamatahan Bhavana Widi
Out-of-Stock
සතර කමටහන් භාවනා විධි - ප‍්‍රායෝගිකව භාවනාව වැඞීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් ඉතා සරලව ඉදිරිපත් කරන මෙම කෘතිය ගිහි පැවිදි ඕනෑම අයෙකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ඉතා අගනා භාවනා අත් පොතකි.
Rs 300.00