Rs 1,080.00
Rs 1,200.00
-10%
Philosophy
There are 212 products.
Phychology In Buddhist Literature
Out-of-Stock
An analysis of human behavior and experience as found in the Buddhist Scriptures.
Rs 169.92
Rs 212.40
Minisa Koibatada
වර්තමාන විෂම ලෝකයේ මිනිසාට මුහුණ පාන්නට සිදු වී ඇති නොයෙකුත් ප්‍රශ්න, දුෂ්කරතා හා බාධාක ඉතා සියුම් ලෙස විග්‍රහ කොට ඒවායින් මිදී යහමග ගමන් ගත යුතු සැටි සිත් කාවදින අයුරින් ඉදිරිපත් කොට ඇත..
Rs 424.80
Rs 531.00
Bauddha Dharma Upadeshanaya
අතීතයේ අපේ සමාජ ව්‍යවහාරයේ නොතිබුණු, මෑත කාලයේදී ආගන්තුකව පැමිණ හෝ දැන් දැන් නිතර භාවිතා වන "උපදේශනය" යන වදන බුදු දහමට සම්බන්ද වී කෙරෙන විග්‍රහය බෞද්ධ උපදේශනය වේ. යහපත් වූ සමාජයක් මෙන්ම හික්මීමෙන් යුතු පෞරුෂත්වයක් ගොඩනගා ගැනීම සඳහා බෞද්ධයින් හට උපදේශන සේවාවන් ලබා දෙන ක්‍රමවේදයන් මෙහි පැහැදිලි කර ඇත..
Rs 80.00
Rs 100.00
We are our Minds Not our Brains
“WE ARE OUR MINDS NOT OUR BRAINS – THE BUDDHA DISCOVERED” is the latest addition to books on Buddhism, where our understanding of karma is enhanced by scientific principles, providing, for the first time, a revolutionary rendering of karma revealing a fascinating insight into what we really are. You are your mind, the only one of its kind, which is private and personal, as opposed to life-giving consciousness, common to all living beings. This highly readable book is designed to relieve stresses and strains of life, by grasping the invincibility of the mind, our only life-long companion.
Rs 896.80
Rs 1,121.00
Bauddhayage Jeewitha Kalamanakaranaya
දුර්ලභ මිනිසත් ආත්මභාවයක ඇති වටිනාකම එබª මිනිස් දිවියකට බෞද්ධ ප‍්‍රතිපත්ති මගින් ලැබිය හැකි නොමද ආලෝකය විස්තර කරන මෙහි මහා විභවයකට හිමිකම් කියන මිනිසත් බවයෙහි ඵල ලැබීමට ජීවිතය හැඩගස්වාගත යුතු ප‍්‍රතිපත්ති හා ක‍්‍රමවේද බෞද්ධ දර්ශනයට අනුකූලව විග‍්‍රහ කර ඇත.
Rs 254.88
Rs 318.60
Budu Dahame Dhanathmaka Chinthanaya Saha Paursha Wardhanaya
බොදුනුවෙකුගේ ධනාත්මක චින්තනය , ධනාත්මක චින්තනයට අදාළ මූලික ධර්මතා , මධ්‍යම ප්‍රතිපදාව තුළ ධන සිතිවලි , ආර්යයාගේ පෞර්ෂය යන කාණ්ඩ යටතේ ධනාත්මක චින්තනය සම්බන්ධ අදහස් ඉදිරිපත් කොට ඇත.
Rs 188.80
Rs 236.00
Arya Ashtangika Margaya
''The Noble Eightfold Path'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථකථනය කර ඇත.
Rs 171.00
Rs 190.00
Lobhaya Abhibavannata
බුදු දහමට අනුව ලෝභ දෝෂ මෝහ වශයෙන් අකුසල් මුල් 3 කි. මෙම පොතෙහි මුලික අරමුණ ලෝභය පිළිබඳව විමසා බැලීමයි. ලෝභහි ද විවිධ වූ ප්‍රභේදයෝ වෙති. ලෝභයත් සමග තමන්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ධර්මනුකුලව පැහැදිලිකිරීමකට ලක්කර ඇති මෙය ඉතා අගනා කෘතියකි.
Rs 300.00
Rs 375.00
Laukika Arya Ashtangika Margaya
Out-of-Stock
බෞද්ධයන්ට හුරු පුරුදු දහම් කොට්ඨාශයක් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, හතර වන සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි අඩංගු වෙයි. බුද දහමෙහි හරයට සම්බන්ද වූ මෙම න්‍යාය සුවිශේෂී බවත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ව්‍යුහය කෙසේද යන්න මෙහිදී විග්‍රහ කරනු ලබයි..
Rs 212.00
Rs 265.00
Sankhara
Out-of-Stock
ස්කන්‍ධ පඤ්චකයෙහි සඳහන් සංඛාර යන්නෙන් ක‍්‍රියාකාරීත්වයේ අපූර්වත්වය මෙමගින් විස්තර විභාගකොට දක්වා ඇත. දැකීම්, ඇසීම් හා විඳීම් මගින් ඉන්‍ද්‍රිය බද්ධව චිත්ත චෛතසික ධර්මයන් හරහා සංස්කාර උපදනා අයුරුත් ඒවා අනෙකුත් සංස්කාර ධර්මයන් හා ප‍්‍රතිබද්ධ වන ආකාරයත් විස්තර කරන මෙහි සංඛාර විමුක්තියට අවැසි මාර්ගයද ප‍්‍රකාශිතය.
Rs 153.60
Rs 192.00
Nirwana Vinishchaya
නිවන පිළිබඳව සොයන සැදැහෙවතුන් බොහොමය. එහෙත් ඒ පිළිබඳ තත්ත්වාකාරයෙන් ලියැවුණ පොත පත අල්පය. ත්‍රිපිටකය පුරා හඳුන්වා දී ඇති නිර්‍වාණ ධර්මය පිළිබඳ කරුණු මේ පොතින් සාකච්ඡා කොට ඇති අතර ඒ පිළිබඳව ඇති වූ ආචාර්ය වාදයන් සහ පුනරුප්පත්තිය පිළිබඳව විස්තර කෙරෙයි. නිර්‍වාණය පිළිබඳ තත්ත්වාකාරෙයන් ප්‍රමාණාත්මක අවබෝධයක ලබා ගැන්මට මෙම ග්‍රන්ථය උපකාරී වේ. එහෙත් නිර්‍වාණය යනු ගැඹුරු දහමක් බැවින් මධ්‍යම පඥාව ඇත්තවුන්ට වුවද මෙම කරුණු තේරුම් ගැන්මට නම් නොපසුබට උත්සහයෙන් සිහිනුවණින් යුක්තව වරදක් දෙවරක් නොව කිහිප වාරයක් කිය විය යුත්තේමය.
Rs 351.00
Rs 390.00
chathurarya Sathyaya
බුද්ධ දර්ශනයේ පරම සාරය වන්නේ චතුරාර්ය සත්‍යයි. නියම බෞද්ධයෙකු එය යම් පමණකට හෝ දැන සිටීම අත්‍යවශ්‍යය කරුණකි. ඉතා ගැඹුරු දහමක් වූ මේ චතුරාර්ය සත්‍යය ධර්‍මයන් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීම කිසිවකුගේ මග පෙන්වීමක් නොමැතිව කළ නොහැක්කකි. මේ පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනීමට මේ ග්‍රන්ථයෙහි කරුණු පියවරෙන් පියවර පෙළ ගස්වා ඇත. මේ ධර්‍ම කරුණු පිළිබඳ දැක්වීමේදී අලුත් දහම් පදයන් පිළිබඳව ද පහසු ලෙස තේරුම් ගැනීමට හැකි වන පරිදි විස්තර කර ඇති බැවින් මේ ග්‍රන්ථය සියලු බෞද්ධ සියලු දෙනාටම අතිශයින් වැදගත් ග්‍රන්ථයකි.
Rs 342.00
Rs 380.00
Patichcha Samuppada Vivaranaya
පටිච්ච සමුප්පාදය යනු බුදු දහමේ ඇති මූලික ඉගැන්වීම්වලින් එකකි. මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. ඊට හේතුව නම් ධර්‍මයෙහි ඇති ගැඹුරු ස්වභාවයයි. තත්ත්වය එසේ වුවද පටිච්ච සමුප්පාදය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනුමට පියවරෙන් පියවර මෙම ග්‍රන්ථයෙහි විස්තර කර ඇත. එහිදි බුදු දහම අධ්‍යයනය කරන්නන්ට සහ ධර්‍මය අවබෝධ කර ගැන්මට වෙර දරන්නන්ටද ධර්‍මයෙහි සඳහන් වන පටිච්චාද සමුප්පාදය පිළිබඳ ඇතිවන ගැටළු සහ එම ගැටළු ඇති වීමට හේතු ද දක්වා ඇති බැවින් අන් ග්‍රන්ථයන්ට වඩා මෙම ග්‍රන්ථය මගින් ඒ පිළිබඳ අවබෝධ කර ගැන්ම ඉතා පහසුය.
Rs 459.00
Rs 510.00
Anathmawadhaya
Out-of-Stock
බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පයක් වන ආත්මවාදී දෘෂ්ටිය බැහැර කිරීම යන මාතෘකාව යටතේ රචිත මෙම කෘතිය බෞද්ධ දර්ශනය හදාරණ අයට මහත් පිටුවහලක් වනු ඇත.
Rs 180.00
Rs 200.00
Wedhanava Nirikshanayata
සතර සතිපට්ඨානයට අයත් භාවනා ක්‍රම 4 අතර ඇති සම්බන්දතාවය නිසා වේදනාවන් ගැන පර්ර්ක්ෂණය කිරීමේ පැහැදිලි සීමාවක් සොයාගැනීම අපහසුය. මේ නිසා වේදනාව සහ කය පිළිබඳ සේව්වෙම් වලට පොදු සාකච්ඡාවන් සමුහයක් ද මෙම පොතෙහි අඩංගුව ඇත. වේදනානුපස්සනාව භාවනාවක් ලෙස වදන යෝගියකුට මෙන් ම වේදනාවන් නිසා පීඩා විඳින යෝගීන්ට ද මෙම පොත ප්‍රයෝජනවත් විය හැකිය.
Rs 392.00
Rs 490.00
Samadhiya Wadana Vita
Out-of-Stock
සමාධිය වැඩීම ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන බව බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී උන්වහන්සේ විසින්ම අනුදැන වදාරා ඇත. සිතට බාධා කරන නීවරණ ධර්ම යටව්පත් කොටගෙන සතර ඍද්ධිපාද වැඩීමෙන් සමාධිය දියුණු කරන ආකාරය පුළුල් වශයෙන් මෙහි විග්‍රහ කරන ලදී..
Rs 216.00
Rs 270.00
Brahmayeku Se Divi Gevannata
Out-of-Stock
සතර බ්‍රහ්ම විහරණ හෙවත් මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආධ්‍යාත්මීයව සහ බාහිරව පුරුදු පුහුණු කිරීම ඉතා යහපත් මානසික ගුණයක් බැව් බුදු දහම පෙන්වා දෙයි. එහෙයින් බ්‍රහ්ම විහාර භාවනාව නිසි අයුරින් වැඩීමට අවශ්‍ය කරන විග්‍රහයන් මෙමගින් ඉදිරිපත් කරනු ලබයි..
Rs 252.00
Rs 315.00
Rs 240.00
Rs 300.00
Bashamaya Darshanaya
Out-of-Stock
බෞද්ධ දර්ශනය සහ බටහිර දර්ශනය ආශ‍්‍රයෙන් භාෂාමය දර්ශනය පිළිබද තුලනාත්මක අධ්‍යයනයක් වන මෙම ග‍්‍රන්ථයෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ බෞද්ධ දර්ශනයට අනන්‍ය වූ භාෂාමය දර්ශනයක් පවතින බව පෙන්වාදීමයි.
Rs 630.00
Rs 700.00
Budu Dahame Haraya
මෙම ග‍්‍රන්ථයෙන් ගතවූ වසර දෙදහස් පන්සිය තිස්සේ බුදුදහම පිළිබද නැගුණු ප‍්‍රශ්න සියල්ලට ම පාහේ ආමන්ත‍්‍රණය කර තිබේ. මෙය සාමාන්‍ය පාඨකයාට බුදුදහම ගැන නිවැරදි හැදින්වීමක් සපයන අතර, බුදුදහම ගැඹුරින් හදාරණ උගතුනට ඒ සදහා අවශ්‍ය ප‍්‍රවේශ මාර්ගයක් ද වනු ඇත.
Rs 360.00
Rs 400.00
Punyopadeshaya
අවබෝධයෙන් යුතුව පින් කරන්නවුන් සඳහාම ලියැවුණ පොතකි පුණ්‍යෝපදේශය. අපි විසින් සිදු කරනු ලබන නොයෙකුත් පින්කම් වල ඇති ආනිසංසයන් දැක්වෙන කථාවන් උදාහරණ කොට ලියැවි ඇති මෙම ග්‍රන්ථය පින් කරන්නවුන් තව දුරටත් පිනෙහි යෙදවවීම අරමුණ කර ගත්තකි. මෙම ග්‍රන්ථය නොදැන පින් කරම් කෙරුමට වඩා දැන ගන පින් කම් කිරීමටත් අකුශලයෙන් වැළකී කුශලයෙහි යෙදීමටත් , නොයෙකුත් වන්දනා ගාථා සහ බෞද්ධ ආරක්ෂණ විධින් ද දක්වා ඇති නිසාවෙනුත් සැදැහැවතකු ළග තිබිය යුතුම අත්පොතකි.
Rs 450.00
Rs 500.00
Bauddhayage Athpotha
බෞද්ධයෙකු අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු බුදු දහමේ මූලික කරුණු ඇතුළත් කොට මෙය රචනා කොට ඇත. විශේෂයෙන් වර්තමානයේ ජීවත්වන බෞද්ධයින්හට බුදු දහම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැත. එහෙයින්ම ජීවිතය ගත කරන බොදු පිළිවෙත ද නැතිවි ගොසිනි. බොදු පිළිවෙතට අනුව ජීවත් වීමට වෙර දරන්නාට බුදු දහම පිළිබඳ ජීවිතයට අවශ්‍යය දැනුම මේ ග්‍රන්ථයන් ලබා ගත හැකිය. මෙ ග්‍රන්ථයෙන් එක්වරක් කියවීමෙන් පමණක් නිවැරදි බොදු පිළිවෙත පිළිබඳ අවබෝධයත් සමාජය තුළ අත්‍යවශ්‍යවන බුදු දහම පිළිබඳ නිවැරදි දැක්මත් ලබා ගත හැකි වනු ඇත.
Rs 450.00
Rs 500.00
Mage Bana Potha
Out-of-Stock
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්‍රයෝජනවත්ය..
Rs 360.00
Rs 450.00
Bauddha Adyayana Wimarshana
Out-of-Stock
බෞද්ධ අධ්‍යයනය හා සබැදි විවිධ මාතෘකා 31 යටතේ ලියන ලද ලිපි එකතුවකින් සම්පාදනය වූ මෙම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ටත්, පොදු පාඨක ජනතාවටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 810.00
Rs 900.00
Matha Kalina Sri Lankeya Budusamaya
මෑත කාලීන ශ‍්‍රී ලාංකේය බුදුසමය - බුදු සමයේ මෑතකාලීන විපර්යාසයන් ඇතිවීම කෙරෙහි බලපෑ, බලපාන දේශපාලන හා ආර්ථික රටාව, ඒ තුළින් බුදු සමයේ ඇති වූ, ඇතිවන වෙනස්කම්, බුදු සමයට එල්ල වු, එල්ල වන මූලධර්මවාදී බලපෑම්, එම වෙනස්කම් හමුවේ නූතන භික්ෂුවගේ කාර්‍යභාරය, නූතන සමාජ හා මානසික ගැටලූ නිරාකරණය කර ගැනීමෙහිලා බුදුසමයෙහි උපයෝගීතාව වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් රචනා වූ ශාස්ත‍්‍රීය ලිපි එකොළොසක් මෙහි අන්තර්ගත වේ.
Rs 585.00
Rs 650.00
Bauddha Shishtacharaya Ha Arthika Darshanaya
බෞද්ධ ශිෂ්ටාචාරය හා ආර්ථික දර්ශනය - බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හැදෑරීමට සූදානම් වන සිසු-සිසුවියන්ටත්,ගුරු භවතුන්ගේ පහසුවටත්.මෙම විෂය පිළිබදව උනන්දුවක් දක්වන අයටත්,බෞද්ධ ශිෂ්ටාචාරයේ කාලීන හා ප්‍රායෝගික වැදගත්කම ඉස්මතු කොට,මූලාශ්‍ර පිළිබදව,දැනුම ලබාගැනීමට උපකාරවත් වන පරිදි ලියා ඇත.
Rs 104.00
Rs 130.00
Loka Wishaya
ලෝක විෂය - අවබෝධකර ගැනීමට අපහසු විෂයක් සේ සලකන ලෝක විෂය අචින්ත්‍ය බව බුදු දහම පේනවා දෙයි. ලෝකය පිළිබඳව බොහෝ ඉගැන්වීම් බෞද්ධ සුත්‍ර දේශනා ආශ්‍රිතයෙන් විමසමින් විද්‍යාත්මක නව ගැනීම් ද සම්මිශ්‍රණය කොට මෙම ග්‍රන්ථය සකස් කර ඇත්තේ ය..
Rs 300.00
Rs 375.00
Rs 315.00
Rs 350.00
Bauddha Darshanaye Pashcath Sanvardhanaya
Out-of-Stock
බෞද්ධ දර්ශනයේ පශ්චාත් සංවර්ධනය - බුදු දහමේ අනාත්මතාව හා නෛරත්මතාව, නිර්වාණය සහ ශූන්‍යතාව, විඥානවාදය, බයිබලයේ මතෙව් හා මහායාන සූත‍්‍ර කලනය, මහායාන බෞද්ධ සාහිත්‍යය, විශ්ව නිර්මාණ ඇතුළු කරුණු රැසක් මෙහි විවරණය කර ඇත.
Rs 414.00
Rs 460.00
Dharmaya Saha Samajaya
Out-of-Stock
ධර්මය හා සමාජය - ගෞතම බුදු සමිදු, මිනිසා පිළිබඳ බෞද්ධ සංකල්පය, සාර්ථක ජීවිතයට භාවනා, මානව සමාජයෙහි විකාසය ආදී වැදගත් මාතෘකා 15ක් යටතේ මිනිසාගේ මානසික දියුණුව අපේක්ෂාවෙන් ලියැවුණු පොතකි.
Rs 247.50
Rs 275.00
Buddha Kaleena Greeka Darshanaya-2
බුද්ධකාලීන ග‍්‍රීක දර්ශනය - 2 - ”බුද්ධ කාලීන ග‍්‍රීක දර්ශනය” මාතෘකාව යටතේ රචිත කාණ්ඩ දෙකකින් යුත් පොත් පෙලෙහි දෙවන හා අවසාන කාණ්ඩය වන මෙම ග‍්‍රන්ථයට ඇතුළත් වනුයේ ග‍්‍රීක මහා දාර්ශනිකයන් තිදෙනා වන සොක‍්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ ජීවන තොරතුරු සහ ඔවුන්ගේ චින්තනයයි.
Rs 371.70
Rs 413.00
Bauddha Adyayana Praveshaya
බෞද්ධ අධ්‍යයන ප‍්‍රවේශය - බුදුසමය ආශ‍්‍රිත උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත ආධුනික විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සඳහා සම්පාදනය වූ මෙම කෘතිය, බුදුසමයෙහි එන ප‍්‍රමුඛතම ඉගැන්වීම් කිහිපයක් පිළිබද අවශ්‍ය ප‍්‍රමාණවත් මූලික දැනීමක් ලබා ගැනීමට මගපෙන්වීමක් වනු ඇත.
Rs 202.50
Rs 225.00