Rs 1,000.00
Best sellers
There are 2622 products.
Budu Samaye Deshapalana Chinthanaya
Out-of-Stock
බුදු සමයේ දේශපාලන චින්තනය - මෙම මාතෘකාව පිළිබද උනන්දුවක් දක්වන පාඨකයන්ට, ශාස්ත‍්‍රීය මට්ටමෙන් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූ තොරතුරු පැහැදිලි කිරීම මෙම ග‍්‍රන්ථයේ අරමුණ වේ.
Rs 400.00
Rs 225.00
Darshanayata Athwelak
දර්ශනයට අත්වැලක් - උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය වූ මෙය දර්ශන විෂයයට උපකාරක ග‍්‍රන්ථයකි.
Rs 413.00
Bauddha Parisarika Darshanaya Ha Sadacharaya
බෞද්ධ පාරිසරික දර්ශනය හා සදාචාරය - පරිසරයේ වූ වැදගත්කම බුදු දහමින් අනාවරණය වන ආකාරයත් එය සමාජය කෙරෙහි බලපාන අන්දමත් මැනෙවින් විස්තර කරමින් ලියැවුණු පොතකි. බෞද්ධ ත‍්‍රිපිටකයේ ද බටහිර පිලිගත් විද්වතුන්ගේ ද අදහස් කැටිකර ගනිමින් සියලූ පාඨක ජනතාවට ම ප‍්‍රයෝජනවත් වන ලෙස මෙම ග‍්‍රන්ථය ලියැවී තිබේ.
Rs 200.00
Dahama Dasuna Ha Sasuna
දහම දසුන හා සසුන - බෞද්ධ අධ්‍යයන ක්ෂේත‍්‍රයේ විවිධ අංශයන්ට අයත් විෂය මාතෘකා පිළිබදව ලියැවුණු ශාස්ත‍්‍රීය ලේඛන සොළසක් මෙම කෘතියට ඇතුළත්ව ඇත.
Rs 400.00
Minis Jeevithaya Pilibada Yatharthavadi Bauddha Chinthanaya
මිනිස් ජීවිත පිළිබද යථාර්ථවාදී බෞද්ධ චින්තනය - බුදුන් වහන්සේ ජීවිත පැවැත්මට අදාළව දේශනා කරන ලද සුවිශේෂී ධර්ම කාරණා ගොනුකර මිනිස් ජීවිතය පිළිබද යථාර්ථවාදී බෞද්ධ චින්තනය නමින් පල කෙරෙන මෙය අගනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 400.00
Bauddha Darshanika Prasthutha
බෞද්ධ දාර්ශනික ප‍්‍රස්තුත - අද්වයවාදය, බ‍්‍රහ්මන් ආත්මන් සංකල්පය හා විපරිනාමය, ඉන්ද්‍රීය ක‍්‍රියාකාරීත්වය හා ප‍්‍රපංචකරණය, ලෝකය හා සත්වයා, පාරභෙගතික ප‍්‍රශ්න කෙරෙහි බෞද්ධ මතය, පුද්ගල සංකල්පය හා කර්මය, ප‍්‍රතීත්‍යසමුත්පාදය හා ශූන්‍යතාවාදය, සංසාරය හා ස්වප්නය යනුවෙන් තෝරාගත් මාතෘකා කිහිපයක් යටතේ කරුණු ගොනු කොට ඇති මෙම ග‍්‍රන්ථය බුදුසමයේ දාර්ශනික ප‍්‍රස්තුත පිළිබද අධ්‍යයනය කරන සියලූ දෙනාහට ප‍්‍රයෝජනවත්වනු ඇත.
Rs 300.00
Bouddha Samaja Darshana Wimansa
බෞද්ධ සමාජ දර්ශන වීමංසා - බුදුසමයේ විවිධ මාතෘකා ඔස්සේ ශාස්ත‍්‍රීය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති මෙම කෘතිය උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි නිරත වන ශාස්ත‍්‍ර ගවේෂකයනට හා විද්‍යාර්ථීනට බෙහෙවින් උපකාර වන්නේ ය.
Rs 300.00
Bauddha Adyayana Praveshaya
බෞද්ධ අධ්‍යයන ප‍්‍රවේශය - බුදුසමය ආශ‍්‍රිත උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත ආධුනික විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සඳහා සම්පාදනය වූ මෙම කෘතිය, බුදුසමයෙහි එන ප‍්‍රමුඛතම ඉගැන්වීම් කිහිපයක් පිළිබද අවශ්‍ය ප‍්‍රමාණවත් මූලික දැනීමක් ලබා ගැනීමට මගපෙන්වීමක් වනු ඇත.
Rs 225.00
Dharmaya Saha Samajaya
Out-of-Stock
ධර්මය හා සමාජය - ගෞතම බුදු සමිදු, මිනිසා පිළිබඳ බෞද්ධ සංකල්පය, සාර්ථක ජීවිතයට භාවනා, මානව සමාජයෙහි විකාසය ආදී වැදගත් මාතෘකා 15ක් යටතේ මිනිසාගේ මානසික දියුණුව අපේක්ෂාවෙන් ලියැවුණු පොතකි.
Rs 275.00
Rs 350.00
Loka Wishaya
ලෝක විෂය - අවබෝධකර ගැනීමට අපහසු විෂයක් සේ සලකන ලෝක විෂය අචින්ත්‍ය බව බුදු දහම පේනවා දෙයි. ලෝකය පිළිබඳව බොහෝ ඉගැන්වීම් බෞද්ධ සුත්‍ර දේශනා ආශ්‍රිතයෙන් විමසමින් විද්‍යාත්මක නව ගැනීම් ද සම්මිශ්‍රණය කොට මෙම ග්‍රන්ථය සකස් කර ඇත්තේ ය..
Rs 375.00
Yoga - Karya Bahula Obata
Out-of-Stock
යෝගා - කාර්ය බහුල ඔබට යහපත් සෞඛ්‍ය තත්වයක් සදහා අත්‍යාවශ්‍ය තොරතුරු වලින් යුත්, ප‍්‍රායෝගික මග පෙන්වීමක් සහිත පොතකි.
Rs 200.00
Devathvayen Prabahava Kara
දේවත්වයෙන් ප‍්‍රභාව කරා - ''The Way It Is'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. සසර ගමනෙහි අවසානය දැකීම සදහා අටුවාචාරීන් වහන්සේලා මෙතෙක් පෙන්වා දී තිබූ වළ, ගොඩැලි කටුකොහොල් සහිත දීර්ඝ ගමන සත්‍යාවබෝධයෙන් ඉතා පහසු ගමනක් කරගන්නා සැටි, සුමේධ හිමියෝ මනස්කාන්ත ලෙස පෙන්වා දෙති.
Rs 300.00
Nivan Maga Ha Bhavana Poorva Sadhanava
නිවන් මග හා භාවනා පූර්ව සාධනාව - අද අප බෞද්ධයන් බෝහෝ රෝගාබාධයන්ගෙන් පෙළෙයි. තරුණ පිරිස අතර ද අද ශාරීරික නිරෝගීබව බෙහෙවින්ම අඩුය. එවැනි තරුණ පිරිසට නිරෝගීව, පී‍්‍රතියෙන් හා සුවයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කරගනිමින් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වා ගැනීමට මෙම භාවනා පූර්ව සාධනාව මහගු දායාදයකි.
Rs 350.00
Rs 400.00
Sansidunu Sitha
සන්සිදුණු සිත - මෙම පොතෙන් පෙන්වා දී ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුතුව සිත ශරීරය සමග එකඟ කිරීමෙන් සමාධිය හා ප‍්‍රඥාව වර්ධනය කර ජීවිතයට ප‍්‍රීතියක්, සැපයක් ලබා ගන්නා අන්දමයි. සන්හිදියාවක් ලබාගන්නා ආකාරයයි.
Rs 230.00
Iriyapatha Bhavana
ඉරියාපථ භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතා සරල බසින් විස්තරාත්මකව පහදා දී ඇත.
Rs 320.00
Aduren Eliya Kara (Kayanupassana Bhavana)
අදුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා - සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ආනාපානසති භාවනාව, ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, නවසීවථික භාවනාව, අසුභ භාවනාව, අට්ටිකසංඥා භාවනාව පිළිබදව මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරින් ඉතා විස්තරාත්මකව සරල බසින් පහදා දී ඇත.
Rs 590.00
Sundara U Niwan Maga 2
සුන්දර වූ නිවන් මග - 2 - මේ සදහම් ග‍්‍රන්ථයේ ඉතා සරල බසින් සතර සතිපට්ඨානයට අයත් වේදනානුපස්සනාව විස්තර කර ඇත. එය සෑම භාවනා යෝගියෙකු විසින්ම ඉගෙන ගත යුතුය. මතකයේ රදවා ගත යුතුය. එවිට ඔබ සුන්දර වූ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙකු වේ. මෛත‍්‍රී භාවනාව තුළින් අධිමානසික හැකියාවන් උපදවා ගන්නා ආකාරය ද මෙහි විස්තර කර ඇත.
Rs 220.00
Sundara Diviyata Vidasun Bhawana
Out-of-Stock
සුන්දර දිවියට විදසුන් භාවනා - මේ සදහම් ග‍්‍රන්ථයේ ඉතා සරල, පැහැදිලි භාෂාවකින් විදර්ශනා භාවනාව ගැන සදහන් වෙයි. මෙහි ඇති භාවනා ක‍්‍රමය ජීවිතයට එකතුවන විට ඔබගේ ජීවිතය සුන්දරත්වයෙන් පිරී යයි. දිනෙන් දින ධර්මාවබෝධය වෙත ළගා වෙයි. ගෞතම බුදු සසුන තුළ මග - ඵල ලැබීමේ වාසනාව උදාවෙයි.
Rs 200.00
Nihada Bawe Pragnawa
නිහඩ බවේ ප‍්‍රඥාව - ඉන්‍ද්‍රීය ධර්මයන් හා පරිබාහිර වස්තූන් පිළිබද ඇලීමේ ආදීනව ඒ පිළිබද මිනිස් සිත යොමු කරවන නීවරණ ධර්මයන්ගේ ක‍්‍රියාකාරීත්වය නීවරණයන්ගෙන් සිත මුදවා සතියෙහි පිහිටු වීම මේ මොහොතේ පවත්වන සතිමත් බවෙහි, භාවනාවෙහි තිරතිශය වැදගත්කම පිළිබද මෙම ග‍්‍රන්ථය මගින් විස්තර කර ඇත.
Rs 225.00
Siri Sadaham Sayura Hevath Avabodayen Yuthuva Bhavana Karana Kramaya
Out-of-Stock
සිරි සදහම් සයුර හෙවත් අවබෝධයෙන් යුතුව භාවනා කරන ක‍්‍රමය - භාවනාව පුහුණු කරන්නන් විසින් අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණු ඇතුළත් මේ සදහම් ග‍්‍රන්ථය ගෙදරම වැඩසිටින භාවනා ගුරුවරයෙකි. නිවන් මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි.
Rs 280.00
Wadunu Sithaka Vismitha Pada
Out-of-Stock
වැඩුණු සිතක විස්මිත පාද - සතර ඉර්ධිපාද, ධාතු මනසිකාර භාවනාව, සතිපට්ඨාන භාවනාව ගැන දතයුතු දේ සප්ත බොජ්ඣංග, අවිජ්ජා සූත‍්‍රය නමැති දහම් මාතෘකා පහක් පිළිබදව දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද දේශනා ආශ‍්‍රයෙන් මේ සදහම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 320.00
The Udāna and the Itivuttaka (Two Classics from the Pali Canon)
Two small classics of the Pali Canon in one volume. The Udana is a compilation of eighty short but deeply impressive suttas, each expressing the Buddha's joyful insight into the profound significance of apparently simple events.
Rs 350.00
Damsak Poth Pala 4 Weluma
දම්සක් පොත්පෙළ - 4 වෙළුම අංක 43-57 - ධර්මාවබෝධය වර්ධනය සදහා ගෙදර තබාගෙන නැවත නැවතත් කියවා ප‍්‍රයෝජනයට ගතහැකි බෞද්ධ විශ්ව කෝෂයක් ලෙසද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවලට ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථ මාලාවක් ලෙසද, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා අතිශයින් ම යෝග්‍ය ප‍්‍රකාශන මාලාවක් ලෙස ද, දම්සක් පොත් පෙළ අවසන් වශයෙන් තවදුරටත් හදුන්වා දිය හැක.
Rs 500.00
Damsak Poth Pala 3 Weluma
දම්සක් පොත්පෙළ - 3 වෙළුම අංක 27-42 -දම්සක් ප‍්‍රකාශනවල නැවත එළිදක්වන තුන්වන වෙළුම මෙය වේ. මෙම ප‍්‍රකාශන වෙළුම්, සද්ධර්මය අගයන පාඨකයින්ගේ ධර්මාවබෝධය සදහා මෙන්ම, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා ද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවල මාහැගි පොත් එකතුවක් ලෙස පවත්වා ගැනීමට සුදුසු පරිදි සකස් වී ඇත.
Rs 450.00
Parevi Sandeshaya
පරෙවි සංදේශය - පදගතාර්ථ විස්තර විමර්ශන සහිත මෙම සන්දේශය ජයවර්ධන පුරවර සිට ගිරිහෙලපුර හෙවත් දෙවිනුවර උපුල්වන් දෙවිªන්ට යැවෙන්නකි. සාම්ප‍්‍රදායික සන්දේශ කාව්‍ය රීතීන් අනුගමනය කරමින් ම මෙය ද සැකසී ඇත.
Rs 290.00
Lovada Sangarava Bava Sanna Sahitha
ලොවැඩ සඟරාව (භාව සන්න සහිතයි) - පාසල්වල සහ දහම් පාසල්වල භාවිත කළ පැරණි කවි පොතක් වූ මෙහි ඇතුළත් වන්නේ සුචරිත වර්ධනයත් ඒ තුළින් මිනිසාගේ ආර්ථික සංවර්ධනයට ලැබෙන පිටුබලය ගැනත් ය. පාසල් දරුවන් අතට පත් කිරීමට වටිනා වීදාගම හිමියන්ගේ කෘතියකි. ලෝකයට වැඩ ඇති පරපුරක් බිහි කිරීමට ඉවහල් වන අදහස් සමුදායක් කාව්‍ය සංකල්ප තුළින් එළිදැක්වීමකිි. මෙහි ඇතුළත් අවවාදාත්මක පද්‍ය කටපාඩම් කර ගන්නාවුනට ජීවිතයේ දී ලද හැකි ඵල බොහෝ ය.
Rs 200.00
Amawathura-Gatapada Akaradiya
Out-of-Stock
අමාවතුර ගැටපද අකාරාදිය - අමාවතුරේ දුරවබෝධ පද අකාරාදී පිළිවෙළින් පෙළ ගස්වා එම පදවලට අරුත් සපයමින් සිරි සුමන හිමිපාණන් විසින් පිළියෙල කරන ලද මේ අකාරාදියල අමාවතුර හදාරන ශික්ෂක ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව අමාවතුර රස විදින සාමාන්‍ය පාඨකයන්ට ද අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයක් බැවින් සෑම දෙනාම මෙම පොත කියවිය යුතුය.
Rs 400.00
Nelum Kavi Waruna Ha Jana Sanskruthiya
නෙළුම් කවි වරුණ හා ජන සංස්කෘතිය - නෙළුම් කවි ගායනය ලංකාවේ සංස්කෘතික දායාදයකි. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ඔවුන්ට ම ආවේණික වූ නෙළුම් කවි සම්ප‍්‍රදායයන් ඇත. ඒ අනුව මෙහි කතුවරයා පස් යොදුන් කෝරළය, සියනෑ කෝරළය උඩරට ආදී වශයෙන් විවිධ පළාත්වලින් එකතු කළ නෙළුම් කවි විශාල සංඛ්‍යාවක් මෙම පොතට ඇතුළත් කර තිබේ. කවි පමණක් නොව නෙළුම් තහංචි, දෑකැති වාරම්, වරම් කවි, වාද නෙළුම් කවි, ගිනිතාලම්, කුරහන් උපත, කටුසර වරුණ සහ කුරහන් මාලය වැනි දුර්ලභ ගණයේ කාව්‍ය සංග‍්‍රහයන්ගෙන් ද අතිශය පෝෂිත ය.
Rs 300.00
Sahithya Atuvava
සාහිත්‍ය අටුවාව - සාහිත්‍යය හදාරන්නන්ට හමුවන්නේ අප සංස්කෘතියේ විවිධ දායාදයන්ය. එම දායාදයන් ඇසුරු නොකර දේශාභිමානය හා අප ජාතියේ ප්‍රෞඩත්වය ආදිය පිළිබඳ හැඟීමක් ඇති කර ගත නොහැක. එම නිසා සාහිත්‍යය යනු අධ්‍යාපනික වශයෙන් පමණක් නොව සෑම පුරවැසියෙකුටම තම ජාතික අභිමානය ගොඩනඟා ගැනීමට ඉවහල් වන විෂය ක්‍ෂේත්‍රයකි. ඒ සඳහා දිවයින පුවත්පතට ලියූ ලිපි මුල් කරගෙන සිරි තිලකසිරි විසින් රචිත සිහිත්‍ය අටුවාව ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 180.00