Rs 1,080.00
Rs 1,200.00
-10%
Buddhist Poems
There are 127 products.
Shubhashithaya - Itha Sarala Sinhala Therum Sahitha
Out-of-Stock
සුභාෂිතය - දයාව, කරුණාව, ඉවසීම ආදී මිනිස් ගුණ වර්ධනය කරන්නාවූත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මද මානය ආදී දුර්ගුණයන් මර්දනය කරන්නා වූ සිංහලයාගේ සංස්කෘතික ලක්ෂණ පිළිබද හැගීමක් ඇති කරවන අතරම සාහිත්‍ය රසය හා භාෂා ඥාණය පිළිබද දැනුමක් දරුවන් තුළ ඇති කරන්නා වූ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියකි.
Rs 112.50
Rs 125.00
Lovada Sangarava Bava Sanna Sahitha
Out-of-Stock
ලොවැඩ සඟරාව (භාව සන්න සහිතයි) - පාසල්වල සහ දහම් පාසල්වල භාවිත කළ පැරණි කවි පොතක් වූ මෙහි ඇතුළත් වන්නේ සුචරිත වර්ධනයත් ඒ තුළින් මිනිසාගේ ආර්ථික සංවර්ධනයට ලැබෙන පිටුබලය ගැනත් ය. පාසල් දරුවන් අතට පත් කිරීමට වටිනා වීදාගම හිමියන්ගේ කෘතියකි. ලෝකයට වැඩ ඇති පරපුරක් බිහි කිරීමට ඉවහල් වන අදහස් සමුදායක් කාව්‍ය සංකල්ප තුළින් එළිදැක්වීමකිි. මෙහි ඇතුළත් අවවාදාත්මක පද්‍ය කටපාඩම් කර ගන්නාවුනට ජීවිතයේ දී ලද හැකි ඵල බොහෝ ය.
Rs 180.00
Rs 200.00
Chinthana Dara
සැනසීම නම් කුමක්ද?එය ලබා ගන්නේ කෙසේද?යන්න විවරණය කරන නිසැදැස් පද්‍ය ශෛලියෙන් ලියන ලද කාව්‍යයකි.ගැඹුරු දාර්ශනික අදහස් ලිහිල් සරල කාව්‍ය ශෛලියෙන් ගෙනහැර දක්වයි.
Rs 112.00
Rs 140.00
Prabuddha
ප‍්‍රබුද්ධ - මහගමසේකරයන් මෙම කෘතියෙන් එක් අතකින් තමාගේ පුද්ගලික ජීවිත කථාව අනාවරණය කරන අතර තමා අගයකොට සලකන පුරුෂාර්ථ ද එය තුළින් උද්දීපනය කරයි.
Rs 963.00
Rs 1,070.00
Sirith Mal Wisithura
සිරිත් මල් විසිතුර - කට වහර ලිඛිත වහරට හැරවීමේ ප්‍රයන්තයකි, මේ කුඩා ඔවදන් පොත. මෙය නූතන ළමා - තරුණ - මහළු කාටත් පිදෙන සාරධර්ම සංග්‍රහයකි.
Rs 63.00
Rs 70.00
Rs 90.00
Rs 100.00
Pipunu Mala Obayi
පිපුණු මල ඔබයි
Rs 90.00
Rs 100.00
Kiviyara Watha Gotha
කිවියර වත ගොත
Rs 315.00
Rs 350.00
Rs 90.00
Rs 100.00
Sangabo Siritha
සඟබෝ සිරිත
Rs 81.00
Rs 90.00
Sigiri Gi Wimarshana
සීගිරි ගී විමර්ශන
Rs 270.00
Rs 300.00
Rs 225.00
Rs 250.00
Mahinda Prabanda
Out-of-Stock
මහින්ද ප්‍රබන්ධ - මහින්ද හිමියෝ ප්‍රශස්ත කවි ගී රැසක් රචනා කළහ. එමඟින් ප්‍රමුඛ පෙළේ කිවියාණ කෙනෙක් වූහ. එහෙත් අද උන්වහන්සේගේ කවි ගී බොහෝමයක් අදෘශ්‍යමාන ය. අප්‍රකට ය. අප්‍රකාශිත ය. මේ වූ කලි සිංහල කාව්‍යය වංශයෙහි නිරන්තර ව දැනුණු ඌනතාවකි. මහින්ද හිමියන්ගේ සමස්ත කාව්‍ය සමුච්චය කෙරෙහි අද්‍යතන පාඨක විචාරක උභය පක්ෂයෙහි අවධානය යොමුකිරීම සඳහා සම්පාදනය විය.
Rs 1,125.00
Rs 1,250.00
Sangaraja Withthiya Potha
සඟරාජ විත්තිය පොත
Rs 157.50
Rs 175.00
Pirinivan Jathaka Kavya
පිරිනිවන් ජාතක කාව්‍යය - පැරණි සිංහල පද්‍ය සාහිත්‍යයේ චූල සම්ප්‍රදායට අයත් මෙවැනි කෘතියක් විධිමත් සංස්කරණයකින් ඉදිරිපත් කෙරෙන පුරෝගාමී අවස්තාවක් ලෙස "පිරිනිවන් ජාතක කාව්‍යය" හඳුන්වා දීමට කැමැත්තෙමි. පුස්කොළ පිටපත් හතක් හා මුද්‍රිත පිටපත් දෙකක් ඇසුරු කරමින් සංස්කරණය කොට ඇති මෙම කෘතිය, කතුවරයා සතුව ඇති මෙම කෘතිය, කතුවරයා සතුව ඇති පර්‍යේෂණ කුසලතාවත්, බුද්ධිමය කුතුහලයක් ප්‍රකට කරන්නක් ලෙස සඳහන් කළ යුතුය.
Rs 427.50
Rs 475.00
Rs 315.00
Rs 350.00
Rs 337.50
Rs 375.00
Poya Udana Githanjalee
පෝය උදාන ගීතාංජලී
Rs 360.00
Rs 400.00
Rs 180.00
Rs 200.00
Sri Shakyamunindhravadana Mahakavya
Out-of-Stock
ශ්‍රී ශාක්‍යමුනින්ද්‍රාවදාන මහා කාව්‍යය - මෙම ග්‍රන්ථය සිංහල සාහිත්‍යයට එකතු වූ නවතම මහා කව්‍යයයි. බුද්ධ චරිතය පිළිබඳ සිංහල භාෂාවෙන් විවිධ වූ ගද්‍ය හා පද්‍ය නිර්මාණ බිහි වී ඇති නමුත් මෑත භාගයේ මහා කාව්‍යයක් නිර්මාණය වී නැත. බුද්ධ චරිතය පාදක කර ගනිමින් අශ්වඝෝෂ මාහිමියන් විසින් රචනා කරන ලද "බුද්ධ චරිත මහා කාව්‍යය" සස්කෘත භාෂාවෙන් කරන ලද මහා කාව්‍යයකි.
Rs 315.00
Rs 350.00
Rs 270.00
Rs 300.00
Gajaman Puvatha
ගජමන් පුවත - "ගජමන් පුවතෙ" එන චරිත හා සිද්ධි මා බැලුවේ අද සමාජයේ ප්‍රශ්න තුළිනි. කලාකරුවන් දෙස සමාජය හෙළන වැරදි සහගත බැල්ම ගැන වරක් එක් සිනමා නිළියක සමඟ මා කළ සාකච්ඡාවෙන් ඈ ලද සහනය මගේ සිතට තදින් කා වැදුනි. කලාකරුවන් අසම්මත පිරිසක් බවට සෙසු සමාජය දරන ආකල්පය මේ රටට පණක් සීමා වූවක් නොවේ. එය මෙකලට ද සීමා නො වෙයි. මේ කරුණ සාකච්ඡා කිරීමට "ගජමන් නෝනා" හොඳ සංකේතයක් බව මම සිතුවෙමි. තව ද කලාකරුවා තුළ පවතින නොයෙක් ආවේගයන් විදහා දැක්වීමට ගජමන් නෝනාගේ ජීවිතයෙන් ලබා ගත හැකි තොරතුරු එමට විය.
දරිද්‍රතාවය නිසා මග වෙනස් කිරීමට සිදුවීමෙන් මුහුණපාන ඛේදවාචකයනට ගොදුරුවන්නෝ කලාකරුවන් පමණක් නො වෙති. දේශ්පාලන බිමේ ද එබඳු අය එමට සිටිති. ගජමන් නෝනාගේ ජීවිත්‍ය ඛේදවාචකයක් ලෙස සලකා මේ නාට්‍ය රචනා කළේ එය ද විදහා දැක්වීමට ය.
දරිද්‍රතාවය නිසා මග වෙනස් කිරීමට සිදුවීමෙන් මුහුණපාන ඛේදවාචකයනට ගොදුරුවන්නෝ කලාකරුවන් පමණක් නො වෙති. දේශ්පාලන බිමේ ද එබඳු අය එමට සිටිති. ගජමන් නෝනාගේ ජීවිත්‍ය ඛේදවාචකයක් ලෙස සලකා මේ නාට්‍ය රචනා කළේ එය ද විදහා දැක්වීමට ය.
Rs 270.00
Rs 300.00
Rs 225.00
Rs 250.00
Mandaram Pura Puvatha
මන්දාරම් පුර පුවත - සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්ධර අතිපූජ්‍ය ලබුගම ශ්‍රී ලංකානන්ද මහ නාහිමිපාණන් වහන්සේගේ සංස්කරණයකි. සීතාවක, මහනුවර යුගවල මෙරට සාමාජික හා ශාසනික ඉතිහාසය පිළිබඳ කරුණු සොයන මූලාශ්‍ර ග්‍රන්ථයක් වශයෙන් මේ පොත බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු නොඅනුමාන ය.
Rs 585.00
Rs 650.00
Gamanichanda Jathaka Kavya Ha Wimarshanaya
Out-of-Stock
ගාමිණිචණ්ඩ ජාතක කාව්‍යය හා විමර්ශනය - භාරතයේ බමුණු පඬිවරු ධර්මය නැති මනුෂ්‍යයා තිරිසනා හා සමානයැයි දක්වති. මෙහි දැක්වෙන ධර්මය යනු සද්චරිතය පිළිබඳ සංකල්පයයි. මනුෂ්‍යයා තුළ භෞතික සත්ත්වයකු මෙන්ම ආධ්‍යාත්මික සත්ත්වයෙක් ද වෙයි. හොඳ ආහාර පාන මගින් භෞතික සත්ත්වයා වර්ධනය වන්නාක් මෙන්ම, සද්චරිත ධර්මවලින් ආධ්‍යාත්මික සත්ත්වයාද වර්ධනය වෙයි. පෝෂණය වෙයි. සංස්කෘතිය යන්නෙන් ඉදිරිපත් වන්නේද මේ ආධ්‍යාත්මික ධර්ම වර්ධනයයි.
Rs 202.50
Rs 225.00
Rs 108.00
Rs 120.00
Divitharanaya
දිවිතරණය - කවියකු වනු කැමැත්තේ, හොඳ සහෘද්‍යකු වුවමනා ය. අභිනවගුප්ත පාදයන් කියන පරිදි සහෘදයා යනු, දිගු කලක් තිස්සේ කාව්‍ය නාටක ආදී කලා කෘති පරිහරණයෙන් දර්පණ තලයක් සේ විශද වූ මනසක් ඇත්තෙකි. පූජ්‍ය ගෝනදෙණියේ විමලජෝති හිමියන් ද එබඳු දුර්ලභ සහෘදයෙකු වන බව හැඟෙන්නේ, උන් වහන්සේගේ සාහිත්‍ය කලා පරිශීලනය පිලිබඳ තොරතුරුවලිනි. එබඳු සහෘදයකුට කවියකු වීම පහසු ය. ''දිවිතරණය" විමලජෝති හිමියන්ගේ දෙවැනි ප්‍රයන්තය යි. එය ප්‍රේමයේ සෞන්දර්‍ය විසින් ඇළලුනු සිත් ඇති යෞවනයෙකු සැළමුතු නොවන ප්‍රේමයෙහි උකටලීව පරාමාර්ථගවේශී යතිවර ජීවිතයට පිවීසීමේ කතා පුවතක් පෙළ ගස්වා ආඛ්‍යාන කාවය්‍යයකි.
Rs 180.00
Rs 200.00
Rs 405.00
Rs 450.00
Sigiri Gee Wiyarana
සිගිරි ගී වියරණ - "Sigiri Graffiti" එනම් "සීගිරි ගී" වනාහි ආචාර්‍ය පරණවිතාන මහතා විසින් සීගිරි කැඩපත් පවුරෙන් පිටපත් කොට මහත් පරිශ්‍රමයකින් එක් කර ගත් සිංහල පද්‍යයෝ වෙති. අට, නව හා දහ වැනි සියවස්වලට අයත් මේ ගී අවුරුදු දහසකට අධික කාලයක් අමතක කොට තිබුණ බවත් දැනට ශේෂව ඇති ඉතා ම පැරණි සිංහල පද්‍යයන් බවත් පිළිගෙන ඇත. තවද පරණවිතාන මහතා මේ සීගිරි ගී තේරුම් කර ගැනීම සඳහා ඒවාට අටුවා හා වියරණ ද එම පොතේ ම සපයා ඇත. එහෙත් මේ පොත ලියා ඇත්තේ ඉංග්‍රීසියෙන් බැවින් ඒ භාෂාව නොදන්නා විද්‍යාර්ථින්ට හුදු පාඨය විනා මේ ග්‍රන්ථයෙන් අන් පිහිටක් ලබා ගත නො හැකි හෙයින් එහි ඉතාම වැදගත් කොටස වන වියරණ කොටසේ සිංහල අනුවාදය මෙසේ පළ කිරීමට කල්පනා කලෙමු. මෙම ඓතිහාසික ව්‍යාකරණය සීගිරි ගී තේරුම් ගැනීමට පමණක් නො ව සිංහල භාෂාවේත් එහි සාහිත්‍යයේත් ඉතිහාසය හා පරිණාමය ද විශේෂයෙන් ම සිංහල භාෂාවේ ශබ්ද ව්‍යුත්පත්තිය ද අධ්‍යන කිරීමට ඉමහත් රුකුලක් වනු ඇත.
Rs 169.00
Buddhabhivandana
Out-of-Stock
බුද්ධාභිවන්දනා - 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන සමස්ථ ලංකා බොදු ගී සංසදය විසින් "බුද්ධාභිවන්දනා" නමින් මෙම හරවත් කෘතිය එළිදක්වා ඇත.
Rs 207.00
Rs 230.00
Wayalinaya Yi Watapatha Yi
වයලීනය යි වටාපත යි - යනු මේ ගතට අමරදේවයන් තැබූ නම යි. මෙම ආලේඛය ගොනදෙණියේ විමලජෝති හිමියන් 2012 වර්ෂයේ මුල් භාගයේ පමණ ආචාර්‍ය අමරදේවයන් මුණගැසීමෙන් ලබන ලද අනුප්‍රාණයෙහි ප්‍රතිපලයකි.
Rs 720.00
Rs 800.00
Rs 180.00
Rs 200.00